IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හම්බන්තොට සෆාරි උයනේ දෙවෙනි කොටස හෙට විවෘත කරයි

 

(අංජුල මහික වීරරත්න)

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ   දෙවෙනි කලාපයට අයත් කුඩා සත්ව කලාපය, සත්ව අභිජනන සංරක්ෂණ  සහ පර්යටන පක්ෂීන් ගළවාගැනිමේ මධ්‍යස්ථානය හෙට(4) විවෘත කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය පවසයි.

රිදියගම සෆාරි  උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ.  දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට එහි පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවිහල්  වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර ඇත.

මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ කලාපයයි.  

හෙට  විවෘත කෙරෙන කොටස කලාප තුනකින් සමන්විතය. එහි කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග)  සඳහා වන කලාපයක් හා සුරතල් සතුන් සමග විනෝද වීමට ,ළමුන් සඳහා ඉදි කළ කලාපයක් ද  ඉදි කර තිබේ.



අදහස් (0)

හම්බන්තොට සෆාරි උයනේ දෙවෙනි කොටස හෙට විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site