IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හම්බන්තොට ‘සිනොපෙක්’ තෙල් පිරිපහදුවක්

(යොහාන් භාසුර)
‘සිනොපෙක්’ සමාගම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිත බවත් ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුළ ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
‘සිනොපෙක්’ සමාගමේ මෙරට ඉන්ධන බෙදාහැරීමේ සමාගමේ සහ සිනොපෙක් පිරිපහදු සමාගමේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ කීය.  
ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතුවල ප්‍රගතිය, ඉන්ධන පිරවුම්හල් බෙදාහැරීමේ නියෝජිතයන් සමග ගිවිසුම්ගත වීමේ ප්‍රගතිය, සිනොපෙක් සන්නාම කටයුතු පිළිබඳව මෙන්ම දිවයින පුරා සිදුකිරීමට නියමිත වෙළෙඳපොල කටයුතු ආරම්භය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කළ බවත් සැප්තැම්බර් මස අග වන විට දිවයින පුරා වෙළෙඳපොල මෙහෙයුම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

හම්බන්තොට ‘සිනොපෙක්’ තෙල් පිරිපහදුවක්

mal Sunday, 03 September 2023 08:49 PM

රාජ පක්ෂලාගේ සල්ලි සුදු කරන බිස්නස් එකක් තමයි.

:       7       9

Lalla Sunday, 03 September 2023 09:28 PM

සපුගස්කන්ද අධික ජනාකීර්ණ ප්‍රදේශයකි. ඒ නිසාම පිරිපහදුවක් පවත්වාගෙන යාමට නුසුදුසු පරිසරයකි. එම පිරිපහදුව ඉතා පැරණිද වේ. කරුණාකර එය ඉවත්කර හම්බන්තොට නව පිරිපහදුවෙන් තෙල් මිලට ගනිමු කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න ඔය ගමන්ම... එතකොට ඔක්කොම ප්‍රශ්නවලට උත්තර හරී.. සිපෙට්කෝ බකට් කාරයෝ ටිකත් ඉවරයි....

:       0       12

චනදන Monday, 04 September 2023 09:32 AM

ඔව් ඕක පටන් ගනිල්ල. සිපෙට්කෝ එක එතකොට නැගිටින්න බැරිවෙන්නම හාන්සි වෙනව. මෙයා ගෙදර යන්නෙ ආණ්ඩුව සතු බලශක්තිය සම්පූර්ණයෙන්ම විකුනල දාලා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site