ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි කණ්ඩායම ලෙස හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය මේ වසරේ සිට තරග කිරීමට සූදානම් වී සිටියි. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ හිටපු දක්‍ෂ රග්බි ක‍්‍රීඩකයකු වන ජොහාන් ප‍්‍රනාන්දු මහතා හම්බන්තොට ශාක්ස් රග්බි සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
නව ක‍්‍රීඩා සමාජය හඳුන්වාදීමේ උත්සවය පසුගියදා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මේ අවස්ථාවට අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ යන මහත්වරුද සහභාගි වූහ.
ජොහාන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ හම්බන්තොට ශාක්ස් රග්බි පිල පළමු කොටසේ තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් රග්බි ක‍්‍රීඩාව නගර කීපයකට පමණක් සීමා නොකර ගමට ගෙන යෑම තම අරමුණ බවත්ය.
”අපේ කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට දක්‍ෂ ක‍්‍රීඩකයන් සූදානමින් සිටිනවා. ඒ වගේම විදේශිය ක‍්‍රීඩකයන් ද ක‍්‍රීඩා කරයි”
”අපේ ඉලක්කය පළමු වසරේදී පළමු කොටසේ තරගාවලියේ පළමු කණ්ඩායම් හතරට පැමිණීමයි” යැයි ජොහාන් ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසුවේ සියලූම පළාත්වලින් පළමු කොටසේ තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් වන්නේ නම් තමන් සතුටු වන බවත් පළමු කොටසේ ක‍්‍රීඩා කිරීමට අනුග‍්‍රහකයකු ලබා ගැනීමට ද සහාය වන බවයි.
හම්බන්තොට ශාක්ස් රග්බි සංචිතයේ ක‍්‍රීඩකයන් 50 දෙනකු මේ වන විට පුහුණුවීම් කරන බවත් එයට ක‍්‍රීඩා සමාජ නිලධාරීහූ පැවසූහ.
එම කණ්ඩායම සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පුහුණුවීම්වලට සහභාගි වීමට ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර අනුමැතිය ලැබෙන තුරු බලා සිටින බවද මෙම මාධ්‍ය හමුවේදී සභාපතිවරයා පැවසීය.
කේ. ඞී. යූ. සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන් උපසේන මහතා විසින් හම්බන්තොට ශාක්ස් රග්බි සමාජයේ සභාපති ජොහාන් ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව...
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය පළමු කොටසට එන්න සූදානම් වෙයි
නිහාල් Friday, 17 May 2013 06:01 PM
එම කණ්ඩායම තරග කරන තරග විනිශ්චයකරුවන්ට දෙවි පිහිටයි (නි)