(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
සිංහල අලුත් අවුරුදු දිනට පෙර දිනයකදි හම්බෙගමුව සීනුක්ගල ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකළ සිද්ධියට සම්බන්‍ධ බවට සැකකරන තැනැත්තෙක් යතුරුපැදියක් ද සමග හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් තැනැත්තා හම්බෙගමුව ප්‍රදේශයේ ම පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
පසුගිය 12දා රාත්‍රී සීනුක්ගල ප්‍රදේශයේ දී එම වෙඩිතැබීම සිදු තිබේ. වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනක් තුවාල ලැබීය. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිසා මහ රෝහලවෙත යවා තිබුණි. එක් පුද්ගලයෙක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව ද පොලිසිය පැවසුවේ ය. තුවාලකරුගේ තත්ත්වය බරපතල නැති බව ද සඳහන් කළේ ය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බෙගමුව වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි