IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හමුදා භටයන් ලක්ෂයකින් අඩු කිරීමට යයි

(සුජිත් හේවාජුලිගේ)

යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට එක් ලක්ෂ තිස් පන් දහස  දක්වා  අඩු කිරීමට තීරණය කර ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා යුදහමුදාවේ  අනුමත සාමාජික  සංඛ්‍යාව 2030 වසර  වනවිට ලක්ෂයක ප්‍රමාණයක රඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කළේ‍ය.

යුද හමුදාවේ දැනට අනුමත සාමාජික සංඛ්‍යාව දෙලක්ෂ හත් සිය අසූ තුනකි.

තාක්ෂණිකව සුදුසුකම් ලත්  සමතුලිත හමුදාවක් 2030 වසර වනවිට නිර්මාණය කිරීම අරමුණ යැයි පැවසූ තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය  කාසියක  පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතින  බවද ප්‍රකාශ කළේය.

සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරනු ලබන  බවත්  ජාතික සහ මානව ආරක්ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා එමගින් මාර්ග විවෘත කෙරෙන බවත්   ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.



අදහස් (13)

හමුදා භටයන් ලක්ෂයකින් අඩු කිරීමට යයි

කසුන් Friday, 13 January 2023 03:43 PM

හමුදා ලොක්කන්ගේ සැප අඩු කරපල්ලා. ගැහුණු ෂොපිං යන්නේ, ළමයි ඉස්කෝලේ යන්නේ හමුදා වාහනවල, ඔවුන්ගේ ගෙවල් හදන්නේ, වතු වවන්නේ හමුදාවේ කොල්ලන්... ලොක්කන්ට කජු වතු, අඹ වතු, හෝටල්, ගෙස්ට් හවුස්, ෂෙඩ්, රෑට පර්මිට්, ගණිකා නිවාස මෙකී නොකී වත්කම්. ඉතිං ආරක්ෂක වියදම සැරයිලු... අසරණයින් නැහෙනවා ලොක්කන් සැප විඳිනවා...

:       2       62

JayFriday, 13 January 2023 07:54 PM

කසුන් සම්පූර්ණයෙන් ඇත්ත

:       0       5

දිමුත් Friday, 13 January 2023 04:26 PM

හොඳ තීරණයක්!

:       6       24

ලුම්බිණි Friday, 13 January 2023 04:51 PM

ඉතාම හොඳ තීරණයක්. IMF එක හොඳ දේවලුත් කරනවා.

:       7       18

කිරිපුතා Friday, 13 January 2023 05:55 PM

හමුදාවේ ශක්තිය අඩු කිරීමට ජාත්‍යන්තරයට ඉස්සර ඉඳන්ම හොඳ වුවමනාවක් තිබුණා. රටක් දුර්වල කරලා ඔවුන්මත යැපෙන තත්ත්වයට අරගෙන ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නයි ජාත්‍යන්තරය දත නියවන්නේ. සාලාව අවි ගබඩාව පුපුරවා හැරීමත් එයින් එක් කොටසක්...

:       44       8

සමන්Friday, 13 January 2023 11:17 PM

කියල වැඩක් නැහැ කිරිපුතා. බත් කන හරකුන්ට තේරෙන්නෙ නැහැ. ඒකනේ ඩිස්ලයික්

:       4       1

Bamunuarachchi Friday, 13 January 2023 06:40 PM

අඩුකලාට කමක් නැහැ හමුදා පුහුණුව තිබෙන පුරවසින් ඉන්නවානේ.

:       1       1

chandima Friday, 13 January 2023 06:50 PM

ඔය වගේම ඇමතිලා මන්ත්‍රීලා පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගාණත් අඩු කරලා ලේකම්ලා මහලේකම්ලා අධ්‍යක්ෂකලා අතිරේක ලේකම්ලා අධ්‍යක්ෂ ජනරාල්ලා ගාණත් අඩු කළා නම් වැඩේ ගොඩ නේද?

:       0       2

Ashok Friday, 13 January 2023 08:15 PM

ඕකේ අඩු කරන්න දෙයක් නැහැ... තව ටිකක් කල්යන්න කවුරුත් යන්නේ නැහැ හමුදාවට... ඔය කෑම්ප්වල ඉන්න අය එක්ක ඉන්න වෙනම ගානක් පඩියට හැදෙන්න ඕනෑ...

:       0       0

Ferna Friday, 13 January 2023 08:48 PM

අලුතින් පාතාලයට 50,000 ක්

:       0       0

sampath Friday, 13 January 2023 10:49 PM

මෙය ඉතාම හොඳ තීරණයක්. හැකි තාක් සාමසාධක හමුදාවන්ට යැවීමත් පොලීසිය ආරක්ෂක කටයුතුවලින් ඉවත් කොට ඒ වෙනුවට හමුදා යෙදවීමත් ඉතාමත් කාලෝචිතයි. විශ්‍රාම යෑමට අවස්ථාවක් දෙන්න අනෙක් අයට ඔය දීමනා සහ පහසුකම් ඉවත් කරන්න ඕනි. රටකට නඩත්තු කළ හැකි ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් ප්‍රමාණයත් තබා ගත යුතුයි. නවක බඳවාගැනීම් හැකිතාක් අඩු කළ යුතුයි.

:       1       2

Gayani Saturday, 14 January 2023 06:57 AM

අනේ ගොඩක් හොඳයි.ඉක්මනටම ඒ දේ කරන්න .මොකද යුද්ධක් නැති රටක මේ තරම් ලොකු හමුදාව ක් අවශ්‍ නොවේ.

:       0       3

G.P.I.N pathirana Saturday, 14 January 2023 12:06 PM

ඇත්තටම මම කැමැතියි මේ තීරණයට.. මොකද අපේ රටේ ගොඩක් අය ආර්ථික අපහසුතා නිසා දුක් විඳිනවා. මමත් හමුදා සාමාජිකයෙක්... මම කියන්නේ අපිට විශ්‍රාම වැටුපක් දීලා අයින් කළොත් අපිටත් පුළුවන් වෙනත් රටකට ගිහින් ලංකාවට ඩොලර් ප්‍රමාණයක් එවන්න. මගේ රට වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site