IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හමුදා පොදු සමාකාලයේ 18000ක් යන්න සූදානම්

(ඉන්දිකා  රාමනායක)

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක පිරිසක් සේවයෙන් ඉවත්වීමට  ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිසෙන්  යුද හමුදා සාමාජිකයන් 16,174 දෙනෙකු, නාවික හමුදාවේ 1,061 දෙනකු , ගුවන් හමුදාවේ 967 දෙනකු සිටින බව  ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

යුද  හමුදාවේ පිරිස අතර නිලධාරීන්  32ක් සිටින බව යුද හමුදා මාධ්‍ය  ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරයි.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ 16,000කට අධික යුද  හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් වී සිටින බව හමුදාව පවසයි.

මෙම පිරිස අතර නිලධාරීන් 32ක් සහ සෙසු නිළයන් 15,891 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශයට ඇති අතර අද (15) දිනය වන විට මසක කාලය තුළ පමණක්  මෙම පිරිස   ඉදිරිපත්ව සිටි බව හමුදා ප්‍රකාශවරයා කියා සිටියේය.

මෙම  පිරිසෙන් නිලධාරීන් 21  දෙනකු සහ සෙසු නිළයන් 15,619 ක පිරිස නිශ්කාශන කටයුතු  අවසන් කර  හමුදා   සේවයෙන් ඉවත්ව   ඇති බවද  හමුදා ප්‍රකාශකවරයා කීය.

තවත් නිලධාරීන් නිලධාරියෙක් සහ  සෙසු නිළයන් 151 දෙනකු සේවයෙන් ඉවත්  වීම නිශ්කාශන කටයුතු  අවසන් වනතෙක්  රෙජිමේන්තු මධ්‍යස්ථාන වල රඳවා සිටින බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හමුදා සේවය හැරගොස් විදේශව සිටින හමුදා සමාජිකයන්ට ට මෙම පොදු සමාකාලය තුළ නීතියාණුකූලව ඉවත් වීම සදහා   අවස්ථාව හිමිව වු අතර, එලෙස විදේශ ගත වු  නිලධාරීන් 10 දෙනකු සහ   සෙසු නිළයන් 91 දෙනකු ඔවුන්ගේ ළගම ඥාතින්  හරහා  රේජිමේන්තු මධ්‍යස්ථාන වෙත අවශ්‍ය  ලියකියවිලි ඉදිරිපත් කර හමුදා ඉවත් වී ඇති බවද  හමුදා ප්‍රකාශතවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම පොදු සමාකාලය දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක  වේ.



අදහස් (1)

හමුදා පොදු සමාකාලයේ 18000ක් යන්න සූදානම්

Mm Friday, 16 December 2022 07:52 AM

හමුදාවෙ මෙි තරමි පිරිසක් ඉවත් යන්නෙ ඇයි .ඒ පිලිබදව වගකිට යුතු බලධාරින් සොයා බැලිය යුතු වුවත් කවුරැවත් ඒ ගැන හොයා බලන්නෙ නැහැ .මොකද ඒ අය දන්නව සාමාන්‍ය අයවලුන්ට තියන ගැටලු .ඔවුන් මානසිකව පීඩා විදිමින් තම සේවය කරත් ඒක ඇතුලෙ ඉන්න ජ්‍යෙෂ්ඨ අයවලුන්. ඔවුන්ට නිදහසේ තම රාජකාරිය කරගෙන යන්න දෙන්නෙ නැහැ .ඒක තමයි මූලිකම දේ .මේ ගැන නිසි බලධාරින් සොයා කටයුතු කලහොත් සෙබලුන් මෙි තරමි සේවය හැර යන්නෙ නැහැ

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site