යුද හමදා විශේෂ බලකායට බැඳුණු සිය බාල දරුවාගේ විසිර යෑමේ පෙළපාළිය නැරඹීට මාදුරුඔය යුද හමුදා කඳවුරට ආ ඔහුගේ මව හදිසියේ රෝගාතුර වී පොළොන්රුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලොන්නරුව රෝහල් ආරංචි කියයි. මහව ප්‍රදේශයේ පදිංචි එච්.එම්. කමලවාති නම් තිදරු මවක මෙසේ මියගොස් ඇත. යුද හමුදා සංදර්ශන ආරම්භ වීමට මොහොතකට පෙර ඇයට හෘදයා බාධයක් වැළදෙන්නට ඇතැයි වෛද්‍යවරු අනුමාන කරති.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හමුදා පුතාගේ දස්කම් බලන්න අම්මාට බැරිවෙයි
අනුර නාවලපිටිය Sunday, 24 August 2014 09:18 AM
ඔබට නිවන් සුව පතමි (දිල්)
ශාන්ති Sunday, 24 August 2014 12:56 PM
අම්මේ ඔබට නිවන් සුව පතමි (අ)
චින්තක Sunday, 24 August 2014 02:58 PM
ඔය අවස්තාවේ මමත් එතන හිටියා එම හමුදා සංදර්ශනය බලලා ඉවර වෙලා දහවල් 1 ට විතර තමා එ මව අසනීප වුණේ පුතාගේ හපන්කම් දෑසින් දැකලා පුතා එක්ක සතුටු සාමීචියේ යෙදෙන අවස්ථාවෙයි මෙය වුණේ අම්මේ ඔබට නිවන් සුව පතමි (අ)
චන්දි Saturday, 23 August 2014 01:04 PM
පුතා ගැන ආදරේ වැඩිකමට සතුටත් වැඩි වෙන්න ඇති, ඕනවට වඩා සතුටත්, ඕනවට වඩා දුකත් හොද නැහැ .., මෑණියනි ඔබට අජරාමර නිවන් සුව අත් වේවා..!! (නදී)
හේවාවිතාරණ Saturday, 23 August 2014 01:26 PM
සන්තෝසේ දරා ගන්න බැරුව මව් තුමිය සුරලොව යන්න ඇති (නදී)
ඉසුරන්දි Saturday, 23 August 2014 02:22 PM
අපොයි දෙවියනි. මේ සහෝදරයා කොහොම වාවා ගන්නද මේ දුක. (නදී)
සිතුම් Saturday, 23 August 2014 02:38 PM
අධික සතුට නිසා හෘදයාබාධයක් වැළදෙන්නට ඇති. අම්මලා එහෙම තමයි. වාවාගන්න අමාරුයි දරු දුක. ( වගේම අධික සතුට ). (නදී)
ටෙනිසන් Saturday, 23 August 2014 03:05 PM
උතුරාගිය මව් සෙනෙහස. දෙමාපියන් වැඩිහිටි නිවාසයට දක්කන පවිටු දරුවන්ට හොද පාඩමක්. අම්මේ ඔබට අජරාමර නිවන්සුව. (නදී)
කුමාරි Saturday, 23 August 2014 05:44 PM
අදයිරියමත් වෙන්න එපා පුතේ. අම්ම මිය දුනේ නුබ ගැන ආඩම්බරෙන්. ඔබ අවංකව රට දැය වෙනුවෙන් වැඩ කරන්න. ඒ ඔබ මෑණියන්ට කරනා උපහාරයයි. මවට නිවන් සුවත් පුතුට ශක්තිය දයිර්යයත් පතමි! (නදී)