IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හමුදා කෝප්‍රල් කුඩු ගනිද්දී පොලිස් දැලේ

යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් වරයකු නිල ඇඳුමෙන් පැමිණ අඟුලානේ දී රුපියල් 500ක පැකට්ටුවක් මිලදී ගනිද්දී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.

හමුදා නිලධරයකුගේ රියදුරා වන මොහු, හමුදා නිලධරයාගේ පුතා නාගොඩ පෞද්ගලික පන්තියකට ඇරැලවා කුඩු ගැනීමට අඟුලානට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

හමුදා කෝප්‍රල් කුඩු ගනිද්දී පොලිස් දැලේ

ලලිත් - එස්.එල් Thursday, 24 July 2014 06:30 AM

කෝ කයිවාරුව ? මතට පාර කපල ඉවරයි. (නදී)

:       0       0

චරිත Thursday, 24 July 2014 06:29 AM

මිලට ගනිද්දී ලාන්ස් කොප්‍රෙල් අත්අඩංගුවට ගත්ත,, එතකොට විකුනපු කෙනා ? (නදී)

:       0       0

ගාමිණී Thursday, 24 July 2014 06:40 AM

එක රූපවාහිනී විවාදයකදී මම දැක්කා කොටිකාවත්ත පැත්තේ හාමුදුරු නමක් නම් ගම් ඇතිව විස්තරයක් කිවවා. ඒ වෙනුවෙන් බලදාරින් ගත් ක්‍රියා මාර්ග මහජනයට දැනගන්ඩ පුවත් පත් මගින් කිවොත් හොඳයි නේද ? දැනට හෙළ උරුමයේ නායක ස්වාමින් වහන්සේ අසන ප්‍රස්න ගැනත් අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. (නදී)

:       0       0

ගමගේ Thursday, 24 July 2014 06:41 AM

අනේ රාජ්‍ය දේපල (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 23 July 2014 03:44 PM

හමුදා නිලදාරීන්ගේ ළමුන්ව පෞද්ගලික පන්ති රැගෙන යාමත් ඔය ලාන්ස් කොප්‍රල්ගේ රාජකාරියේ කොටසක්ද ?හමුදා ප්‍රකාසක තුමාගෙන් දැනගන්න කැමතියි. (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 04:09 PM

මට බියක් දැනෙන්නේ ඔය කියන භටයා පුතාටත් ඔය වැඩේ පුරුදු කරලාද කියායි. (නි)

:       0       0

ධම්මික Wednesday, 23 July 2014 04:15 PM

රටේ දුවා දරුවන් නාස්ති වෙනකොට, මගේ දරුවට ප්‍රශ්නයක් නැති නිසා හොඳයි කියලා අසාධාරන වලට ඇස් කන් පියාගෙන ඉන්න නිලධාරීන්ටත්, තමන්ගේ රාජකාරිය මුදලට බලයට පාවාදෙන ඉන්න රජයේ නිලධාරින්ටත් තේරුම් යන්න ඕනෑ තමන්ගේ දරුවන්ටත් මේ හෙණේම තමයි ගහන්නේ කියලා (නි)

:       0       0

තිලක් බංඩාර Wednesday, 23 July 2014 04:42 PM

යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් වරයකු. එහෙනම් යුධ හමුදා පොලිසියත් ඉවරයි (නදී)

:       0       0

සුනේත්‍රා Wednesday, 23 July 2014 05:30 PM

එතකොට කුඩු විකිණූ‍ තැනැත්තා, ඔහුට කුඩු ලබාදුන් තැනැත්තා සහ ඉන් එහාට .... (නි)

:       0       0

සත්‍යයා Wednesday, 23 July 2014 06:03 PM

ඒ ඉස්සර තමයි රණවිරුවන් තුවක්කුව අතට අරගෙන යුද පෙරමුණට ගියේ. අද ඒ රණවිරුවන් මොකද කරන්නේ? (නි)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 23 July 2014 07:24 PM

හැම තැනම කුඩු..කුඩු ..කුඩු . තව ටික දවසකින් මෙි විදියේ ප්‍රවෘත්තියක් අහන්නත් ලැබෙයි මෙි විදියට ගියොත්. “පෙර පාසල් සිසුන් දෙදෙනෙක් කුඩු උරද්දී පොළිසියට කොටුවෙයි” (නදී)

:       0       0

චමින්ද Wednesday, 23 July 2014 08:16 PM

කුඩු වල ව්‍යාප්තියේ තරම. බලාගෙන ගියාම දැන් ටික දෙනයිද කොහෙද කුඩු ගහන්නෙ නැත්තේ. ඒතරම් රට, කුඩු වලින් ස්වංපෝෂිත වෙලා තියෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 23 July 2014 10:38 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්! ඇන්ටන්,අධිකාරි පත්වීම් ලැබූ හමුදා නිලධාරීන් වාහන එළවාගෙන යන්නේ නැහැ (නි)

:       0       0

කැලුම් Thursday, 24 July 2014 12:52 AM

හමුදා නිලධාරියාට පරීක්ෂණයක් තියන්න ඕනෑ (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 24 July 2014 09:51 AM

ගමගේ, රාජ්‍ය දේපල කියල කීවෙ කුඩු ගැනද? (නදී)

:       0       0

ප්‍රබාත් Thursday, 24 July 2014 02:34 AM

ලංකාවට කුඩු ගේන අය අල්ලන්නේ නැතිව මිලදී ගන්න අය අල්ලා ලොකුවට ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද? (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 24 July 2014 02:45 AM

" රණවිරු රියල් ස්ටාර් " (නදී)

:       0       0

තිලා Thursday, 24 July 2014 02:48 AM

කුඩු කුඩු කුඩු සල්ලි.. කුඩු කුඩු කුඩු සල්ලි.... මේක මේ ටියුන් එකට කියන්න (නදී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 24 July 2014 05:37 AM

කුඩුගෙන්වන අයග‍ෙ උත්සහය කවදාවත් පරදින්න විදිහක්නෑ ඔවුන් හදන්නෙ මුලුරටේම නිලධාරින්ට මෙය පුරුදුකරන්න.ඔවුන්ට මෙයඉතාමලෙහෙසි වෙනවා . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site