IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෝමාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය හිඟයෙන් අංශ කිහිපයක් නැවතිලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දිනකට රෝගීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන හෝමාගම මූලික රෝහලේ විකිරණ , ලිංගාශ්‍රිත , අක්ෂි රෝග  සහ ශල්‍යාගාරය ඇතුළු ප්‍රතිකාර අංශවල විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන්  එහි ප්‍රතිකාර සේවා  සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු පවසති.

ඒ අනුව ශල්‍යාගාරයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම ඉකුත් 01 දා සිට සේවයට වාර්තා නොකිරීමෙන් ශල්‍යාගාරයේ ශල්‍යකර්ම  සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් ශල්‍යකර්ම සඳහා දින දුන් රෝගීන්ගේ ශල්‍යකර්ම සිදු නොවීම නිසා අපහසුතාවයට පත් රෝගීන් කාර්ය මණ්ඩලයට අප්‍රසාදය පළ කරමින් පසුගිය දින කිහිපය පුරා නොසන්සුන්ව හැසිරී ඇති බව වාර්තා වේ.

හෝමාගම මූලික රෝහල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි විශේෂිත රෝහලක් වන අතර ඉන් දිනකට රෝගීන් දහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙයි. ඉන් වැඩි පිරිසක් විවිධ ශල්‍යකර්ම සඳහාද යොමු කරනු ලබන අතර  අධිවේගී මාර්ගයේ සහ වෙනත් මාර්ගයන්හිදී සිදුවන රිය අනතුරු වලින් ද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක්   හෝමාගම මූලික රෝහල වෙත රැගෙන එන බව  ජනතාව පවසති.
මේ පිළිබදව හෝමාගම මූලික රෝහලේ බලධාරියෙකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ. හෝමාගම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ගේ අඩුපාඩුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන්නෙ.ඒ සම්බන්ධයෙන්  ඉදිරි දින කිහිපයේදී යහපත් ප්‍රතිචාරයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.

 



අදහස් (0)

හෝමාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය හිඟයෙන් අංශ කිහිපයක් නැවතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site