
(අංජුල මහික වීරරත්න)
මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.
දැනට මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000කි.
ඉන් මෙට්‍රික් ටොන් 40,000ක් දේශියව නිෂ්පාදනය කරන අතර ඉතිරි ප්‍රමාණය ආදේශක තෙල් සමග මිශ්‍ර කර පොල්තෙල් ලෙස වෙළෙඳපලට සැපයීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගානක් මිනිසුන්ගෙ බඩට ඔක්කොම වස ටික ගියාට පස්සෙ බලය දීල හොදද හොයන්න....ගොන් ජෝක්ස්........
හොඳ යෝජනාවක්... නමුත් නිවැරදි ලෙස ක්‍රියාත්මක විය යුතුයි...!