IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොඳ දිනුමක් සමගින් චෙන්නායි පිල ඉදිරියට

මහේන්ද්‍ර සිං දෝනිගේ වේගවත් ඉනිම නිසා බැංගලෝර්හි (23) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් තේරීමේ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 38 කින් පරාජය කරන ලදි. මහේන්ද්‍ර සිං දෝනි වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 20 කදී හතරේ පහර 6 සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 51 ලබා ගත්තේය. මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකාවේ ලසිත් මාලිංගට කඩුල්ලක් දවාගත නොහැකි වු අතර ඔහුගේ පන්දුවාර 4 තුලදී චෙන්නායි ක‍්‍රීඩකයෝ ලකුණු 41 උදුරා ගැනීමට සමත් වූහ. තරගය ජයග‍්‍රහණය කළ චෙන්නායි  කණ්ඩායම ලබන 25 වැනිදා දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමග තරග වදින අතර එම තරගයෙන් ජය ගන්නා පිල ලබන ඉරිදා (27) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව අවසාන මහා තරගයට මුහුණ දිමට නියමිතය. චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 187 (මයිකල් හසී 49, සුබ‍්‍රබනියම් බද්‍රිනාත් 47, මහේන්ද්‍ර සිං දෝනි නොදැවි 51, ඞ්වේන් බ‍්‍රාවෝ 33, ධවාල් කුල්කානී 46/3)මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 141 (සචින් තෙන්ඩුල්කාර් 11, ඞ්ෙවින් ස්මිත් 38, රෝහිත් ෂර්මා 14, ඇල්බි මෝකල් 31/2, ඞ්වේන් බ‍්‍රාවෝ 10/2)  



අදහස් (0)

හොඳ දිනුමක් සමගින් චෙන්නායි පිල ඉදිරියට

දුමින්ද Thursday, 24 May 2012 11:11 AM

ගෝ චෙන්නායි ගෝ ?

:       0       0

බුද්ධික Thursday, 24 May 2012 11:42 AM

දැන් ඉතින් පුඵවන් හම්බකරගත්ත සල්ලි ටිකත් අරන් ආපහු ගෙදර එන්න...

:       0       0

ක්‍රිෂ් Thursday, 24 May 2012 12:49 PM

චෙන්නායි super kings ටීම් එක නියමයි

:       0       0

ක්‍රිෂ් Thursday, 24 May 2012 12:53 PM

ms dhoni මම ඔයාට ආදරෙයි ලංකාදීපයට ස්තූතියි

:       0       0

ක්‍රිශ් Thursday, 24 May 2012 12:55 PM

දෝනී මම ඔයාට ගොඩාක් ආදරෙයි....ස්තූතියි ලංකාදීප.

:       0       0

ක්‍රිෂ් Thursday, 24 May 2012 12:59 PM

Suresh Raina, මම ඔයාටත් ආදරෙයි

:       0       0

ප්‍රිසදාස Wednesday, 23 May 2012 10:04 PM

මාලිංග ඔහෝම ගෙදර යන්න

:       0       0

පියුමි Thursday, 24 May 2012 12:01 AM

අපොයි මාලිංගගේ සල්ලී.....

:       0       0

රූම් Thursday, 24 May 2012 08:01 PM

දිනුවත් පැරදුනත් ලෝකේ අංක එකේ පන්දු යවන්නා මාලිංගමයි

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 24 May 2012 08:48 AM

IPL එකේ සෙල්ලම් කරන්න ලංකාවේ ක්‍රීඩකයෙක් ඉන්දීය රුපියල් කෝටී 10ක් ගත්ත කියල නිවුස් 1 ක් යනවා......???

:       0       0

සුදු මාම Thursday, 24 May 2012 10:00 PM

මාලිංග අපේ රටට සම්පතක් අපේ මෝඩ මිනිස්සු මාලිංගට ලැබුන මුදල් හොයන්න යන්නේ මොකටද හා හා එයාට එවා ගනන් කරගන්න පුලුවන් මාලිංග අයියේ තව හොද වැඩක් නම් තියනවා අපේ කෑගහන මෝඩයින්ට කියියක් හරි දෙන්න නිකන්ම කට වහගනියි පෙරේත මිනිස්සු

:       0       0

ෆාරු Thursday, 24 May 2012 09:58 AM

දිල්ලි මහේලගේ stump නිසා පැරදිලා ,‍බොම්බාය සචින්ගේ run out නිසා පැරදිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site