IMG-LOGO

හොඳම මිතුරන් දෙදෙනෙකුගේ සංයෝගයක් වූ AN STEPZ

20160907Nishan-3

කුඩා කාලයේ සිටි තම මිතුරාත් සමග සංගීත ඇති ආසාව හේතුවෙන් සංගීත පිළිබඳ හදරාමින් සිටින ඔහු නිශාන් එම්. ප්‍රනාන්දු වෙයි. පසුගිය දිනෙක් ඔහු විසින් ‘බොලඳ නිසා’ ගීතයේ කවර් වර්ෂන් එකක් එළිදක්වනු ලැබීය. ඉතිං ඔහුගේ කලා කටයුතු සහ ඔහුගේ මිතුරාත් සමග ආරම්භ කරනු ලැබූ AN STEPZ පිළිබඳ අපට පැවැසුවේ මෙවැන්නකි.

 

ඔබව හඳුන්වාදුන්නොත්?  

මම නිශාන් එම්. ප්‍රනාන්දු. මමයි මගේ හොඳම යාළුවා වන ක්‍රිෂාන් වී ඇලෙක්සැන්ඩ්‍රර් සමග 2012 වර්ෂයේදී AN STEPZ නමින් අපේ බෑන්ඩ් එක් ආරම්භ කළේ.

 

20160907Nishan-2නිශාන් ඔබ සංගීතට එකතු වෙන්නේ කොහොමද?

පුංචි කාලේ හැමෝටම වගේ මටයි මාත් එක්ක පොඩි කාලේ ඉඳන්ම එකටම හිටිය (Krishan V Alexsander) යාළුවාටයි තිබුණ එකම ආසව තමයි මියුසික් කියන්නේ. ඒකත් එක්ක අපි 2010 අපේ පළමු ගීතය එළිදැක්වූවා. පස්සෙ අපිටම තේරුණා අපි සංගීතය ඉගෙන ගෙන කළොත් අපිට යමක් හරියට කරන්න පුළුවන් වෙයි කියලා. පස්සෙ නිසල් ගංගොඩගේ සර්ගෙන් ඉගෙන ගත්තා. දැන් music oven එකෙන් ඉගෙන ගන්නවා.

 

අපි කතාකළොත් පසුගිය දින එළිදක්වපු කවර් වර්ෂන් එක ගැන. ඒක ඔබේ පළමු ගීතයද?

නැහැ, අපි මීට කලින් දිනේෂ් තරංග, තිසර චානක වගේ අයත් එක්ක වැඩ කරලා තියෙනවා. කවර්ස් කරලා තියෙනවා. ඒත් මේක තමයි මම ගායනා කරපු පළමු කවර් සිංදුව.

 

කොහොමද ප්‍රතිචාර?

කවර් එකට ලැබුණු ප්‍රතිචාර හොඳයි, හුඟක් අය සුබ පැතුවා. ඒ අතරට ළහිරු අයියා (La Signore), ඩියෝ අයියා (Sound Engineer) හුඟක් අය සුබ පැතුවා. අවංකව සතුටුයි ඒ ගැන.

 

පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණ එක ගැන මොකද හිතන්නේ?

අවංකවම හුඟාක් සතුටුයි. මේ හැමදේකටම දෙවියන්ට ස්තූතියි කියන්නේ ඕනේ. මගෙයි මගේ යාළුවා ඇලෙක්ස්ගෙයි දෙමව්පියන්ට, යාළුවන්ට අපි එක්ක හිටිය හැමදෙනාටම.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

ඉස්සරහට අපේ ඇල්බම් එකක් කරන්න ඉන්නේ. ඒකේ වැඩ දැනටමත් පටන් අරන් තියෙන්නේ. ඇල්බම් එකේ පළමු ගීතය ළඟදීම එළිදක්වනවා. තාම වෙන ගායකයන්ගේ වැඩකටයුතු කිහිපයකුත් කරගෙන යනවා.

 

AN STEPZ වෙනුවෙන් කාටද ස්තූති කරන්න තියෙන්නේ? මෙච්චර දුරක් එන්න උදව් කරපු අය ගැන?

අපි මියුසික් කරන්න පටන් ගත්ත කාලෙ ඉඳන්ම අපි එක්ක හිටිය, දෙමාපියන්ට, ක්‍රිස්ටො පීරිස් අයියා (Sound Engineer), නිසල් ගංගොඩගේ අයියා (Sound Engineer), ළහිරු අයියා සහ විරේෂ් අයියා (Singer/Sound Engineer) සහ අපේ හොඳම යාළුවෝ ටික (Sampath / Manoj / Jhon/ Diluka / Krish / Diulan), අපිත් එක්ක වැඩ කළ අයටත් හදවතින්ම සුබ පතනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

20160907Nishan-1



අදහස් (0)

හොඳම මිතුරන් දෙදෙනෙකුගේ සංයෝගයක් වූ AN STEPZ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 658 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site