
(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
වාහන අලෙවි සලක් පවත්වාගෙන යන මුවාවෙන් එහි අයිතිකරු බව පැවසෙන පුද්ගලයා වාහනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් කොල්ලකා පස්ස දොරින් පලා යෑමේ සිද්ධියක් පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ පුද්ගලයා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාමරයක් කුලියට ගෙන මෙම ව්‍යාජ වාහන අලෙවිසල පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාජ වාහන අලෙවිසලේ කළමනාකරුවන් බව පැවසෙන දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යන බව කුරුඳු වත්ත පොලිසිය පවසයි.
සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු වාහනයක් මිලදී ගැනීමට පැමිණ මුදල් ගෙවීම සිදු කෙරුණු අවස්ථාවේදීය.
මෙම කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විවෘත කර ඇත්තේ මීට දින දහයකට පෙර බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.
මුදල් කොල්ලකා බලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ විශේෂ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොඳට රඟපා කෝටි පහක් අරන් පැනලා