IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


හුනුවටය නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි

හුනුවටය සිංහල වේදිකා නාට්‍ය දෙමළ බසට පරිවර්ථනය කර ‘‘වෙන්කට්ටි වට්ටම්නමින්  උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි  ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා කියයි.

එම නාට්‍ය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එලෙස කීවේය.

‘‘සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කොට එය උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිදියාව ගොඩනැගීමට උත්සහ දැරීමකට වඩා එම පළාත්වල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම  සංහිදියාව  ගොඩනැංවීමට  වඩා වැදගත්. හුණුවටය වේදිකා නාට්‍ය ''වෙන්කට්ටි වට්ටම් ''ලෙස දෙමළ භාෂාවට පරිවර්ථනය කළේ කුලදේ ෂන්මුගලිංගම් නම්  නාට්‍යකරුවෙක්. ‘‘ 

හෙන්ද්‍රි ජයසේනගේ පිටපතට අනුව පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ හුණුවටය සිංහල නාටකයේත්,දෙමළ නාටකය වූ ''වෙන්කට්ටි වට්ටම්'' නාටකයේත් ගෲෂාගේ චරිතයට පණපොවණු ලබන්නේ ලීලාවතී සෙල්වරාජ් නැමති දෙමළ තරුණියයි.

01 02 03 04  06 08 parakrama-niriella s

05



අදහස් (0)

හුනුවටය නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි

චන්ද්‍රලාල් Thursday, 10 November 2016 07:30 AM

එහෙම තමයි. එක එක ක්‍රම ගෙනල්ලා බලන්න ඕනෑ සාර්ථක වෙයිද කියලා (නි)

:       0       0

නිමල් රණසිංහ Wednesday, 09 November 2016 02:30 PM

කාලෝචිත ප්‍රයත්නයක්..අපිත් ලෝකයේ විශි්ෂ්ට නාට්‍ය නිර්මාණ අපේම භාෂාවෙන් රසවිඳ තිබේද?(සඳු)

:       0       0

සංජීව Wednesday, 09 November 2016 04:44 PM

බලාගෙන! ආවා ආවොත් ගමකට කතහැකි (නි)

:       0       0

කීර්ති Wednesday, 09 November 2016 06:18 PM

පරාක්‍රම, ඔබට ස්තුතියි! (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 09 November 2016 06:53 PM

හ්ම්! බලමුකෝ එහෙමවත් කරලා (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 10 November 2016 02:01 AM

මා මිත්‍ර පරාක්‍රම නිරිඇල්ලයන් එදා අගය කළාක් මෙන්ම අදත් අගය කරන තත්වයක සිටීම ගැන මා උදක්ම සතුටු වෙනවා. අප කවදත් ප්‍රකාශ කළ පරිදි වර්ග අතර සංහිඳියාව ඇතිවිය යුත්තේ දේශපාලකයින්ගේ පටු පරමාර්ථ ඉටුකරන්න නොව ප්‍රශ්නයෙන් සැමදා බැටකන සාමාන්‍ය වැසියන් අතරේ එය සිදුවිය යුතු බවයි. මේ සඳහා දෙපිරිසම අතර බෙදාගත හැකි සංස්කෘතික අංග වලින් පොහොසත් කලාකරුවන් වගේම කලාලෝලීන්ද සිටීම සමස්ත ක්‍රියාදාමයට රුකුළක්. අපගේ ඉල්ලීම නම්, හැකිතරම් දුරට වාර්ගික අනෝන්‍යය අවබෝධය ගොඩනැගෙන අන්දමේ දේශීය පදනමක් ඇති දේශීය නාට්‍යකරුවන් විසින් රචිත කතා වස්තු මේ නාට්‍යය සඳහා යොදාගන්නා ලෙසයි. (නි)

:       0       0

පීරිස් Thursday, 10 November 2016 02:36 AM

මේක බලලාවත් ආණ්ඩුව බලාපොරොත්තුවෙන සංහිඳියාවට උතුරෙන් සහයක් ලැබුනොත් හොඳයි (නි)

:       0       0

සුජිත් Thursday, 10 November 2016 03:27 AM

සතුටුදායක පුවතක්. අපි පාසල් යන කාලයේ මේ චරිත පන්ති කාමරයේ රඟපානවා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 09 November 2016 10:49 AM

ඉතාම හොඳ දෙයක්. වෙනත් හොඳ නාට්‍යයනුත් මෙහෙම කළොත් තමා හොඳයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site