(රංජන් කස්තුරි)

රටතුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් රජය ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වහාම මර්දනකාරී නීති ඉවත්කර ජනමතයට හිස නමන්නැයි දේශපාලන අධිකාරියට බලකර සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.