IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘හදවත් කුසලාන‘ 23,24 වෙන්නප්පුවේ

හදවත් කුසලානය ( හාට් කප් 3) ජිකෝ  විවෘත කරාටේ  ශූරතාවලිය 2014 මෙවර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ්  පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  අගෝස්තු 23 සහ 24 දිනයන්හි පැවැත්වීමට නියමිතය.

කාතා සහ කුම්තේ තරග ඉසව්  ජ්‍යෙෂ්ට සහ  කණිෂ්ට  කණ්ඩායම් අංශවලින්  පැවැත්වෙන අතර මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව,  ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක්‍රීීඩක ක්‍රීීඩිකාවෝ තරග වදිති.

සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා සහ අනශූරතා කුසලාන මෙන්ම ජ්‍යෙෂ්ට  සහ කණිෂ්ට අංශයන්හි දක්ෂතම ක්‍රී්‍ඩකයා සහ ක්‍රීීඩිකාව සඳහා ද  ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී, ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ට  සහ කණිෂ්ට අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට වටිනා තෑගි සමූහයක් සමග විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.

ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සංගමය සහ ජිකෝ ශ්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

 



අදහස් (0)

‘හදවත් කුසලාන‘ 23,24 වෙන්නප්පුවේ

බසී Tuesday, 08 July 2014 10:09 AM

හොඳ නරක දෙකටම වෙන්නප්පුව හා ඉතාලිය අතර සම්බන්දයක් තියනව මයි . මේක හොද ගනයේ වැඩක් ඕනෑව උනත් අපෙන් සුබ පැතුම් (දී)

:       0       0

සුරනි Tuesday, 08 July 2014 10:20 AM

හදවතින් කරන ඕනෑම දෙයක් සාර්ථක වෙනවා . මේ තරගාවලිය ගියවර හදවතින්ම කරපු නිසා මෙවරත් අනිවාර්යෙන්ම සර්තකයි ගියවර මම මේ තරගාවලියට සහබාගි උනා මගෙන් සුබ පැතුම් (දී)

:       0       0

රෝෂේන් Wednesday, 09 July 2014 08:57 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ලක්මාලි Tuesday, 08 July 2014 10:05 AM

හොඳ වැඩක්. මේ තරගාවලියේ නමට මමත් කැමතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site