හදවත් කුසලානය 2014 විවෘත කරාටේ ශූරතාවලිය අගෝස්තු 23 සෙනසුරාදා දවස පුරා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් බව ජිකෝ ශ්‍රී ලංකාව කියයි.
කාතා සහ කුම්තේ තරග ඉසව් ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට කණ්ඩායම් අංශවලින් පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක්‍රීීඩක ක්‍රීීඩිකාවෝ තරග වදිති.
සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා සහ අනශූරතා කුසලාන මෙන්ම ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයන්හි දක්ෂතම ක්‍රී්ඩකයා සහ ක්‍රීීඩිකාව සඳහා ද ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී, ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට වටිනා තෑගි සමූහයක් සමග විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සම්මේලනය සහ ජිකෝ ශ්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හදවත් කුසලානය අගෝස්තු 23 වෙන්ප්පුවේ
අමිල Wednesday, 20 August 2014 11:32 AM
අපි එනවා අනිවාර්යෙන් අපි තමා මේ පාර හදවතේ ශූරයෝ සුබ පැතුම්.(අ)
රමල් Wednesday, 20 August 2014 11:43 AM
අපි එනවා අනිවාර්යයෙන්ම. තෑගි ටික සූදානම් කරලා තියන්න. අපේ සංගමයේ ක්‍රීඩකයින් ඔක්කොම එනවා. ගිය පාරත් අපි ආවා. මෙදාපාර නම් කප් එක ගන්නවා (නි)
පැතුම් ලොස්ඇන්ජලිස් සිට Wednesday, 20 August 2014 11:56 AM
මගේ දරුවෝ දෙන්නත් කරාටේ කරනවා. ලංකාවේ මම ඒ අයට දැන් දැනුම් දුන්නා, හොඳ ශූරතාවලියක් පිළිබඳ තියනවා ලංකාදීපේ වෙබ් එක බලන්න කියලා.ඒ ශූරතාවලියට යන්න කියලා මම කිවුවා.මම අනිවාර්යයෙන් මගේ දරුවෝ දෙන්නව එවනවා. මට මේ ශූරතාවලියට ගොඩක්ම කැමති හිතුණේ ඒකට තියලා තියන නම නිසයි. (නි)
රොෂාන් වෙරෝනා Wednesday, 20 August 2014 12:25 PM
පැතුම්, ඒක නම් ඇත්ත තමයි.ශූරතාවලියට තියලා තියන නම නම් නියමයි. මමත් කැමතියි ගොඩක්.මමත් ඉස්සර කරාටේ කළ කෙනෙක්. වෙන්නප්පුවේ අපෙන් සුබ පැතුම්! (නි)
සෞම්‍ය ගයත්‍රී ලියනපතිරණ Friday, 29 August 2014 06:30 PM
අනෙක් තරගාවලියන්ට වඩා වෙනස් තරගාවලියක් (නි)
චමල් Wednesday, 20 August 2014 01:00 PM
නියම නමක්නේ දාලා තියෙන්නේ. ලස්සනයි. මමත් ඔය දන්නා කියන කට්ටියක් තමයි මේ ශූරතාවලිය සංවිධානය කරන්නේ. මගෙන් සුබ පැතුම් (නි)
ජනක Wednesday, 20 August 2014 01:17 PM
මුදල් ත්‍යාගය කීයද දන්නේ නැහැ නේද (නි)
පැරකුම් Wednesday, 20 August 2014 02:08 PM
හදවතේ කුසලානයට අපේ කණ්ඩායම හදවතින්ම සහභාගි වෙනවා. (නි)
ශ්‍රීලාල් Wednesday, 20 August 2014 02:21 PM
කරාටේ තරඟ නම් මෙන්න අපි නම් එනවෝ! සල්ලියි තෑගියි සූදානම් කරලා මල්ලකට දාලා තියන්න. ආව ගමන් අපි දිනනවා හදවතේ කුසලානය. (නි)
දිලිනි Wednesday, 20 August 2014 02:48 PM
කවූද එන්නේ ආරාධිත අමුත්තාට? දේශපාලනය නම් වැද්දගන්න එපා. මොකද ඔය හදවතේ කුසලානයක්. (නි)
විජේවර්ධන Wednesday, 20 August 2014 05:58 PM
ඔබ සැමට සුබ පැතුම්! (නි)
ලලිත් Wednesday, 20 August 2014 09:46 PM
අවුරුදු ගානකට පෙරත් ඔය ඔක්කොම තරඟ තිබුණා. හැබැයි නම වෙනස් (නි)