IMG-LOGO

හතේ ඉංග්‍රීසියටත් හත

බස්නාහිර පළාත්  දෙවැනි පාසල් වාර අවසාන විභාගය සඳහා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයය මගින් හත ශ්‍රේණිය සිසුනට අද ලබා දුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ හතර වැනි ප්‍රශ්නයට අදාල රූපසටහන වෙනුවට එහි මුද්‍රණය වී ඇත්තේ තද කළු පැහැ රූපයක් බවත්, 10 වැනි ප්‍රශ්නයේ සඳහන් අසා ලිවීමේ ප්‍රශ්නයේ ඉංග්‍රීසි ඡේදය ගුරුවරුනට  දී නැති බවත් ලංකා ගුරු සංගමය කියයි.



අදහස් (0)

හතේ ඉංග්‍රීසියටත් හත

කසුන් Sunday, 27 July 2014 02:53 AM

ඉඳල හිටලා වෙන වැරද්දක් නම් මේක මහා ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. එ්ත් දැන් මේක එහෙම දෙයක් නෙවෙයි. ප්‍රශ්න පත්‍ර වගකීම භාර දීලා තියෙන්නේ කිසිම වෘත්තීය දැනුමක් හෝ ගරුත්වයක් නැති අයට කියල හොඳට පැහැදිලියි. එක්කෝ ප්‍රශ්න පත්‍ර වැරදියි. නැතිනම් ටියුෂන් පන්තිවල ගුරුවරුන් අතට වේලාසනින්ම ප්‍රශ්න ටික ලැබිලා. (නදී)

:       0       0

සේනක Friday, 25 July 2014 01:50 PM

මේ ප්‍රශ්න දෙක විතරද ? ඇයි අනෙකුත් ප්‍රශ්න පත්‍ර ? මේ තත්ත්වය අපි පාසල් යනකොට ඒ කාලයේ තිබුනේ නැහැ. පේන හැටියට ප්‍රශ්න පත්‍ර කටයුත්ත ගෙදර ඉස්සරහින් යන කෙනෙකුට කතා කරලා කඩෙන් සීනි අරික්කාලක් ගේන්න කියනවා වගේ තත්ත්වයකට වැටිලා. ඔහේ අහුවුන කෙනෙකුට ප්‍රශ්න පත්‍ර වල වගකීම් දීලාද කොහෙද ? (නදී)

:       0       0

ශාන් Sunday, 27 July 2014 04:42 AM

ගයාන්ගේ කතාව හරියටම හරි. දර්ශන මහතාත් කියන කතාවේ ඇත්තක් තියෙනවා. අපි පාසල් යනකොටත් මේ වගේ දේවල් උනා. එ්ත් මේ වගේ ලොකුවට ඒ ප්‍රශ්න දුරදිග ගියේ නෑ. අපේ අධ්‍යාපනයේ වැරදි නැතුවම නොවේ. එ්ත් පොඩි දේටත් උඩ පනින අය නිසා මේ වගේ පොඩි දේවල් ජාතයන්තරේට පවා ගිහින් අපේ රටට තවත් ප්‍රශ්න වෙන එක විතරයි වෙන්නේ. (නදී)

:       0       0

ජයමහ Friday, 25 July 2014 02:38 PM

දර්ශන, ඔයා පුතේ තවම පහේ පන්තියේ කියල තේරෙනවා. තැනගේ දරුවා ගැන නොව සමස්ත දරුවන් ගැන වේදනාවෙන් කතා කරන අම්ම කෙනෙකුට සමච්චල් කරන්න එපා. එ්ක ඔබේ අම්මටත් කරන වරදක්. (නදී)

:       0       0

දර්ශන Friday, 25 July 2014 05:53 PM

ජයමහ, ඔය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ........ඔයාගේ අග පුරාම මොලේ වගේ....(නදී)

:       0       0

දර්ශන Friday, 25 July 2014 07:08 PM

ජයමහ - ඔය වගේ දේවල් මම පහට යනකුනුත් ප්‍රසන්න පත්තරවල තිබුනා. එවරදී ප්‍රශ්ණ පත්‍රය දෙන වෙලාවේ අපේ ගුරුවරු හැදුවා. ඒවා දැන් වගේ ජන මාධ්‍යවල වල කතා කලේ නැහැ ලොකුවට. ඔයාල වගේ උගත් මෝඩයෝ නිසා තමයි පාසැල් වල උද්ගෝෂණ (නදී)

:       0       0

නිරාන් Saturday, 26 July 2014 01:54 AM

ඇමතිවරු 3ක් ඉන්නවා. තර්ක කරනවා. වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍ර ටිකවත් හදා ගන්න කොන්දක් නැහැ (නදී)

:       0       0

නිරාන් Saturday, 26 July 2014 01:59 AM

දර්ශන ඔයා පුන්නකු කෑවට අපිටත් කවන්න හදන්න එපා. මේ පාර ප්‍රස්න පත්‍ර කියක් වැරදිලා තිබුනද ? (නදී)

:       0       0

දෙවන්ගා Friday, 25 July 2014 10:52 AM

මගේ දුව මේ දැන් ඉස්කෝලේ ඉඳල ඇවිත් කියා කියා අඬන්නේ මේ ගැන කියමිනුයි. අනේ මේ පුංචි රටේ අපිත් ඉස්කෝලේ ගියා. මෙහෙම විපර්යාස කවදාවත් ඇතිවෙලා නැහැ. පළාත් ක්‍රමයටයි, කලාප ක්‍රමයටයි දිස්ත්‍රික් ක්‍රමයටයි කියමින් අධ්‍යාපනය බෙදල දාල හැඳිගාලා වගේ අනේ. මේවා කරන්නේ නිලධාරින් විය හැකියි. නමුත් ඒවාට සමස්තයක් වශයෙන් විෂය භාර ඇමති වගකිව යුතුයි. එහෙම නොවෙයිද...? (අ)

:       0       0

කමල් Saturday, 26 July 2014 05:27 AM

දැන් දර්ශනගේ දර්ශනයේ විදියට ජනමාධ්‍ය වල කතා කරන්න ඕන මොනවද ? රටේ බහුතරයකට අදාළ ප්‍රශ්න නෙවෙයිද ? මේ ප්‍රශ්න එළිපිට කතා කලේ නැතිනම් මේ වැරදි තව දුරටත් පොදු ජනයාගෙන් වසන් කරමින් තව දුරටත් දිගින් දිගටම සිද්ධවෙනවා. ප්‍රශ්න පත්‍ර අවුල ඒ කාලයේ මෙහෙම ඔඩු දුවලා තිබුනේ නැහැ . අදාළ උදවිය තමන්ගේ වගකීම හරියට ඉටු කළා. දැන් එහෙම සිද්ධ වෙන බවක් පේන්න නැති නිසා තමයි ජන මාධ්‍යයට මේ ගැන පුවත් මැවෙන්නේ. (නදී)

:       0       0

ගුනේ Saturday, 26 July 2014 05:32 AM

දර්ශන ලංකාවේද ඉන්නේ ? මේ ප්‍රශ්න දෙක විතරක් පෙනිලා තිබෙන නිසා ඇහුවේ. පහුගිය දවස් වල පිළියන්දල ප්‍රශ්න පත්‍ර අවුල වෙන දවස් වල ගොරව ගොරවා නිදා ගෙන ඉන්න ඇති. (නදී)

:       0       0

මදූ Saturday, 26 July 2014 06:29 PM

දර්ශනගේ කතාව හරි (නදී)

:       0       0

ගයාන් Friday, 25 July 2014 11:32 AM

ඇත්තට කාටද මේ ප්‍රශ්න පත්‍ර වල වගකීම භාරවෙලා තියෙන්නේ? මේවායේ හරි වැරදි බැලීම් , මුද්‍රණ දෝෂ පරික්ෂා කිරීම් මොනවත් දැන් සිද්ධ වෙන්නේ නැද්ද ? මට පේන හැටියට ප්‍රශ්න පත්‍ර කටයුතු භාර දීලා තියෙන්නේ හත පාස් නැති අයටද කොහෙද? නැත්නම් මෙහෙම විහිලු දිගින් දිගටම සිද්ධ වේවිද ? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 26 July 2014 08:40 PM

අධ්‍යාපනය කැඳ හැලියක් බවට පත් කිරීමේ මහා පුණ්‍ය කර්මය දේශපාලකයෝ මැනවින් ඉටු කර ඇත. ඔල මොට්ටල සිංහල ජාතියක් නිර්මාණය කිරීමෙන් සැමදා බලය පවත්වා ගත හැක. විදේශ වල ජීවත් වන අපට දුක වරප්‍රසාද නොලත් දුප්පතුන් ගැනය. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 26 July 2014 08:47 PM

දර්ශන, මෝඩකම ප්‍රදර්ශන කරමින් කඩේ යනවද? (නදී)

:       0       0

දර්ශන Friday, 25 July 2014 11:58 AM

දෙවන්ගා නෝනා, අනේ පව් ඔයාගේ දුව. මේ වැරදි ප්‍රශ්ණ දෙක නිසා එයාගේ මුළු අධ්‍යාපනයම කඩා වැටිලද? ගුරුවරුන්ටත් අකුරු වරදිනවා කියන්නේ ඕකට තමයි (නදී)

:       0       0

ගයන් Sunday, 27 July 2014 12:52 AM

අය්යෝ! අපේ කාලෙත් ඕවා තිබුනා. අපේ ගුරුවරු ඒවාට අදාල විදිහට ප්‍රශ්න වෙනස් කරා. එක පාරක් මට මතකයි අසා ලිවිම කොටසේ පරිච්චේදය එවල නෑ. ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරු එකතු වෙලා එකක් හදලා දුන්නා: දැන් වෙලා තියෙන්නේ හොද සුදුසුකම් ඇති ගුරුවරුත් නෑ. ඉන්න අයත් අධ්‍යාපන වග කීම ගන්නෙත් නෑ. අනෙක තව දෙයක්, අද සිංහල ජාතියට වෙලා තියෙන්නේ කාගේ හරි පිට වරද පටවල අත පිහදාගෙන ඉන්න තමා බලන්නේ. අනේ මන්දා අපේ ජාතිය ඕවා තේරුම් අරන් කවද හැදෙයිද කියලා (නදී)

:       0       0

ජයදේව Friday, 25 July 2014 12:32 PM

වැරදි ප්‍රශ්න දෙක නිසා පමණක් නොවෙයි මුළු අධ්‍යාපන ක්‍රමයම කවුරු හෝ කාලා දාලා. මගේ පුතා ඉගෙනගන්නේ දහයේ වුණත් එයාටත් ඔය වගේ දේවල් තියෙනවා කතා කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 91 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


කැනඩාවේ හැදූ ඉස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 337 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 328 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 303 3

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 245 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 1053 4

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1386 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1596 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 414 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site