IMG-LOGO

හීත්රෝ පන්සලේ කඨින පිංකම

ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2014 කඨින පිංකම පසුගියදා කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක, කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්තානාධිපති බොරැල්ලේ අතුල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ බව විහාරාධිපති  වඳුරඹ කස්සප හිමියෝ කියති.

මෙවර පිංකමට සැදැහැවත්හු 500 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වූහ.

සීවලී ලියදිපිට, සුගන්ධි ඒකනායක, වෛද්‍ය නිශාන්ති බජ්රමෝවිච්. පියුමිකා ජයසේන,තනුර සඳකැලුම්, අයිරාංගනී සමරකූන් සහ චන්ද්‍රා ගුප්ත කඨින චීවරය පුඣා කිරීමට මුල් වුහ.

පිංකම පැවති දිනයට පෙර දින සවස බොරැල්ලේ අතුල නාහිමියෝ සුමධුර ධර්මදේශනයක් පවත්වා  අටවිසි බුද්ධපුජාමය වැඩසටහනක්ද මෙහෙයැවුහ.

පසුදින උදෑසන කඨින පින්කමෙහි ප්‍රධාන දායකයෝ අලංකාර පෙරහරකින් කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩම කැරැවුහ.

වඳුරඹ කස්සප හිමියෝ  කඨිනානිසංස අනුමෝදන් කළහ.

දවස පුරාවටම විහාරස්ථානයේදී දාන සීල, භාවනා, ධර්මදේශනා සහ ධර්ම සාකච්ඡා  වැඩසටහන් පැවැත්විණි.

කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, බොරැල්ලේ අතුල නාහිමි, තෙල්දෙණියේ අමිත හිමි, දෙදියවල විමල හිමි, ගොනුල්ලේ අස්සජී හිමි, හෝමාගම කොන්ඩඤ්ඤ හිමි, මතුගම පාලිත හිමි, වකමුල්ලේ උදිත හිමි, බෙරගම පියරතන හිමි, පනාමුරේ තපස්සී හිමි සහ  ශාන්තිදේව හිමියෝ පිංකමට වැඩම කළහ.

බොරැල්ලේ අතුල නාහිමියන්, තෙල්දෙණියේ අමිත හිමි සහ  බෙරගම පියරතන හිමි ධර්මදේශනා පැවැත්වුහ.

10636052_10203777779459567_1111634795349312867_n 10712895_10203777782379640_4992778007545528022_n DSC04152.jpgL Katina-39_1280x851 Katina-110_638x960 Katina-133_1280x851 Katina-273_1280x851 Katina-286_1280x851

 



අදහස් (0)

හීත්රෝ පන්සලේ කඨින පිංකම

ජයසේන Friday, 07 November 2014 04:31 PM

වදුරඹ කස්සප හිමියන්ගේ කැපවීම අපි දිවිහිමියෙන්ම අගය කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1785 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site