IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හැත්තෑ තුනේදීත් වික්‍රමබාහු නටයි

නව සමසමාජ පක්ෂයේ නායක හා වාමාංශික ව්‍යාපාරයේ දැනට සිටින දැවැන්තයෙක් වන වික්‍රමබාහු කරුණාරත්න පසුගියදා හෝටලයක පැවැති සාදයකදී අපූරු නර්තනයක නිරතවන අයුරු සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය විය.

වත්මන් තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියවූ වේග රිද්මයේ ගීයකට ඔහු සිය නර්තනය සිදුකරන ආකාරය එහි සටහන්වී තිබිණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ වික්‍රමබාහු කරුණාරත්න මේ වන විට 73 හැවිරිදි වියේ පසුවෙයි.

 



අදහස් (0)

හැත්තෑ තුනේදීත් වික්‍රමබාහු නටයි

මාලතී Wednesday, 06 January 2016 06:25 PM

කොච්චර හොඳද? (නි)

:       0       0

සුරේෂ් Saturday, 09 January 2016 06:08 AM

මෙයාගේ නැටුම වගේම දේශපාලන ප්‍රතිපත්තිත් අපි අගය කළයුතුයි. විශිෂ්ට දේශපාලකයෙක්... (නි)

:       0       0

සුදේශ් Saturday, 09 January 2016 06:50 AM

මෙයා හැමදාම කලේ ඩොලර් වලට නටපු එක තමයි (අ)

:       0       0

විදානපතිරණ Wednesday, 06 January 2016 10:22 PM

නියමයිනේ! (නි)

:       0       0

රූපවතී Monday, 11 January 2016 03:37 AM

ලංකාවේ මිනිසුන් අවුරුදු 50 පැන්නම ඉතින් හිතාගෙන ඉන්නේ වළ පයයි ගොඩ පයයි කියලා. ඒත් පිටරටවල අපි දකිනවා සාමාන්‍ය සාදයක් වගේ මේ දේවල් අවුරුදු එකසිය ගණන් වල වයසේ. මිනිසුන් සතුටු වෙනවා, ඩාන්ස් කරනවා. මිනිසෙකුගේ සතුටත් නිදහසත් ගස්බැඳපු එකම රට ලංකාවයි (නි)

:       0       0

සෑම් Wednesday, 06 January 2016 10:29 PM

මෙතුමාගෙන් රටට හෝ ජනතාවට සේවයක් වුණාද කියලා මම දන්නේ නැහැ . නමුත් මුදලට, බලයට, වරදාන වලට තම ප්‍රතිපත්ති පාවා නොදුන් උගත් දේශපාලකයෙක් හැටියට මෙතුමාව මම දකිනවා. (නි)

:       0       0

අබරන් Wednesday, 06 January 2016 11:27 PM

දැන් ලොකු ලොකු හෝටල් ගානේ රොක් ඇන්ඩ් රෝල් ඩාන්ස් කරනවාද? ප්‍රතිපත්තියට අනුකූලද? (නි)

:       0       0

මනෝජ් Friday, 08 January 2016 02:54 AM

නියමයි. ජයශ්‍රී! (නි)

:       0       0

කුමාර් Wednesday, 06 January 2016 11:46 PM

එය හැමදාම නැටුවේ කොහොම නැටුම්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

උපාලි Thursday, 07 January 2016 07:19 AM

මෙතුමාගේ දේශපාලනය කොහොම උනත් ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ඉතින් ඔහුට ඕනනම් නටන්න අයිතිය තියෙනවා. (ර)

:       0       0

මනෝජ් Thursday, 07 January 2016 12:50 AM

මෙයාගේ ප්‍රතිපත්ති වලට මම එකඟ නැහැ. නමුත් ඔහු තමන්ගේ හිතට එකඟව ප්‍රතිපත්තිගරුකව වැඩකළ කෙනෙක්. අපේ මිනිස්සු කළේ ඔහුට බොරුවට අපහාස කරන එක. (නි)

:       0       0

මහේෂ් Friday, 08 January 2016 11:32 AM

හැමදාම එකම මතයක හිටපු, එකම දෙය කියපු එක වචනයේ ශ්‍රේෂ්ට මොලයක්, දීර්ගායු! (කෞ)

:       0       0

චතුරි Sunday, 07 February 2016 08:05 AM

මරුනේ.(හේ)

:       0       0

දුමින්ද Thursday, 07 January 2016 02:24 AM

සමහරු නම් හැමදාම කළේ අනුන්ගේ පදයට නටන එකනේ (නි)

:       0       0

ලුම්බිණි Thursday, 07 January 2016 02:35 AM

කුමන දේශපාලනයක සිටියත් අප කවුරුත් අගය කළයුතු පුද්ගලයෙක්. (නි)

:       0       0

සමන් Friday, 08 January 2016 03:52 AM

දේශපාලන මොනවා වුණත් ,, යමෙකුට සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම් අපි එක අගය කරන්න ඕනි.. නීරෝගී වේවා.. (අ)

:       0       0

කුමුදිනි වත්සලා Wednesday, 06 January 2016 01:21 PM

මෙයා කළේ රටට හොඳක් නෙමෙයි (බ)

:       0       0

තිලක් Thursday, 07 January 2016 08:05 AM

වයසට ගියත් නියම ඩාන්ස් එක (ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 January 2016 07:11 PM

කෝටි ප්‍රකෝටි ඉදිරියේ දණ නොගැසූ වර්තමානයේ සිටින ශ්‍රේෂ්ඨ සමාජවාදියෙක් .මුදලට, බලයට, වරදාන වලට තම ප්‍රතිපත්ති පාවානොදුන් උගත් දේශපාලකයෙක්. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 07 January 2016 03:44 AM

සතුට දරාගන්න බැහැ වගෙයි (නි)

:       0       0

සුරන් Thursday, 07 January 2016 04:04 AM

ඔවුන්ගේ අරමුණු ගොඩක් ඉටුවෙමින් පවතිනවා. සතුට වැඩිකමට නටනවා. (නි)

:       0       0

රාධා Wednesday, 06 January 2016 02:49 PM

කුමුදිනි එතකොට අර පැත්තෙන් පැත්තට යන පත්කළ එක්කෙනා මෙයාට වැඩිය හොඳයිද ? (බ)

:       0       0

අරවින්ද Sunday, 10 January 2016 02:16 PM

මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

ගමගෙ Wednesday, 06 January 2016 03:45 PM

කව්ද කියල තියෙන්නේ සමාජවාදීන්ට නටන්න බැහැ කියල?(අ)

:       0       0

උදය Thursday, 07 January 2016 08:51 AM

මෙයා නටන වෙන නාඩගම් වලට වඩා මේක හොඳයි (ම)

:       0       0

රුචිර Saturday, 09 January 2016 04:57 AM

කකුළුවත් නටනවා වතුර රත්වෙනතුරු හැළියේ. මෙයා ජාතියේ සහ රටේ අභිවෘද්ධියට මොනවද කරලා තියෙන්නේ? (නි)

:       0       0

සේනක Saturday, 09 January 2016 04:01 PM

මෙතුමාට ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට රුචි ඕනෑම දේශපාලන මතිමතාන්තරයක එළඹ සිටීමට පුර්ණ නිදහස ඇත. මෙතුමාගේ උගත්කමට හා ඒ ආශ්‍රයෙන් ලබාගෙන ඇති පරිණතබවට ගරුකරමි. (නි)

:       0       0

මංගල Wednesday, 06 January 2016 04:31 PM

ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

විදුර Wednesday, 06 January 2016 04:37 PM

අවංක දේශපාලකයෙක්. පාර්ලිමේන්තුවේ සිටිය යුත්තෙක්. ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

රාධා Friday, 08 January 2016 11:35 PM

මෙතුමාගේ ගණිත අංශ දැනුමින් කිසිවෙකු ප්‍රයෝජන නොගත්තේ ඇයි? (නි)

:       0       0

නන්දන Saturday, 09 January 2016 04:21 PM

60 පැන්නත් සුපිරි නැටුම! (නි)

:       0       0

රොක්සි Friday, 08 January 2016 01:31 AM

මොහු වටිනා පුද්ගලයෙක්. රටේ මිනිස්සු ඔහුගෙන් වැඩක් ගත්තේ නැත්තේ රටේ අවාසනාවට. (නි)

:       0       0

බටගල Thursday, 07 January 2016 06:00 AM

කාගෙ කාගෙත් නැටුම් ගැන අපි නොදන්නවැයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site