(සුජිත් හේවාජුලිගේ)
ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරාම ඇති බවයි.
මේ ආකාරයට ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට සිය හෝටල් දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට පසුගියදා ලිඛිතව දැනුම් දී ඇත.
ඉන් වැඩි ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයේ හෝටල් බව පැවසේ.
එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්‍රී පට්ටම් අහෝසියි ?
Pushpa Kumara Saturday, 02 November 2024 09:26 AM
සිල් රෙදි?
රම්බොඩ Saturday, 02 November 2024 10:58 AM
බත් පතකට, තේ කෝප්පපෙකට, ටකරමකට නැත්නම් මාලිමාවේ හැමතැනම තියෙන ප්‍රචාරක දැන්වීම් වලට ඡන්දෙ දෙන ජනතාවටයි දඬුවම් දෙන්න ඕනෑ.
සීයාSaturday, 02 November 2024 01:17 PM
කොල්ලා කියපු එකට මාලිමාවට රිදෙන්න ඇති අප්පා. කොස්ඇට මීයෙකුත් ඇතින්නගෙන් රිදුණාද කියලා ඇහුවාලු...
මලයSunday, 03 November 2024 07:49 AM
මාලිමාව හෝටල්වල කෑම දෙනවාද? මාත් නුවර, ඒත් තාම මට එහෙම තැනක් හම්බ වුනේ නැ, දන්නවා නම් කියන්න...!
Nilantha Sunday, 03 November 2024 03:36 PM
ජනාධිපතිවරණය වෙනුවෙන් හිතවතුන්ගේ ඉල්ලීම මත මමත් රැස්වීමක් සඳහා ගියා. අපිට නම් ගාල්ලෙන් ආනයනය කළ සුනිල් පැමිණි රැස්වීමේ දී උපරිමයෙන් සංග්‍රහ කළා. පොලිසිය හෝ මැතිවරණ කොමිසමේ කවුරුවත්ම ආවේ නැහැ.
Babanisa Sunday, 03 November 2024 07:57 AM
එහෙම නම් තමුන්ලාම ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න මුදලක් නියම කරන්නේ ආච්චිට හාල් ගරන්නද? රම්බොඩ කියන ආකාරයට මාලුමාමට ඕවා වලංගු නැද්ද?
සත්‍යපාල Sunday, 03 November 2024 08:03 AM
ඊයේ ධාරානිපාත වැස්සේ මිනිස්සු, ගැහැණු කුඩ වැහි කබා දමාගෙන ජනපතිගේ කතාව අහන විදිය දැකීම පුදුම හිතුණා. වෙනදා පොදක් එනකොට මාරුවෙන මිනිස්සු අපේ ජනපතිගෙ කතාව නිසොල්මන්ව අහන හැටි දැකීම පුදුමයට කරුණක්. මේ මෙවැනි දෙයක් දුටු පළමු වතාවයි. අපේ ජනපතිගේ ජීවිතය ආරක්ෂා වේවා...!