(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩු පොලු රැගත් මැර පිරිසක් කොටහේන සුමනතිස්ස මාවතේ හෝටලයකට කඩා වැදි සිදුකළ පහරදීමකින් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
එම පහර දීමෙන් හෝටලයේ හිමිකරුගේ සහෝදරයා , මුදල් අයකැමීවරයෙකු සහ වේටර්වරයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
ගැටුමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට ආමර් වීදිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් ඉකුත් පළමුවෙනි දින මෙම හෝටලයට පැමිණ ආහාර ගෙන පිටවීමේදී ඔහුගේ ජංගම දුරකථනය රැගෙන යාමට අමතකව ගොස් තිබූ බව පොලිසිය කියයි.
ජංගම දුරකථන රැගෙන යාම සඳහා හෝටලය වෙත නැවත පැමිණීමේදී එය නොතිබීම හේතුවෙන් හෝටල් හිමිකරුගෙන් සි සි ටි වි දර්ශන පරීක්ෂා කර බලන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර එහිදී බහින්බස්වීමක් සිදුවීමෙන් අනතුරුව ඔහු විසින් අද (3) අලුයම තවත් පිරිසක් රැගෙන විත් කඩු සහ පොලුවලින් මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටලයකදී වූ ගැටුමකින් 3ක් රෝහලේ