IMG-LOGO

හිටපු හමුදාපති නිදොස් කොට නිදහස් කරන්නැයි එජාපය කියයි

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට පැනවූ සියලූ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කර ඔහුට හිමි සියලූ වරප‍්‍රසාද හා අයිිතිවාසිකම් හිමි කර දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගෙන ඒමට යයි. මේ සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී  මණ්ඩලය අද යෝජනාවක් සම්මත කළේය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලසුන හෙබවූ පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ යෝජනාව ඉදිරිපත් කළේය. පොන්සේකාගේ ඡුන්ද අයිතිය තහවුරු කර විදේශ ගමන් බලපත‍්‍රයද ආපසු දෙන්නැයි එම යෝජනාවෙන් කියයි.

සබැඳි පුවත්.......



අදහස් (0)

හිටපු හමුදාපති නිදොස් කොට නිදහස් කරන්නැයි එජාපය කියයි

රාජපක්ෂ Tuesday, 22 May 2012 10:56 AM

මේ මනුස්සයාට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න. කොටින්ම කියනවනම් රාළගේ පහනෙන් නම් එළිය බලන්න එපා

:       0       0

අනිල් Tuesday, 22 May 2012 11:36 AM

එතුමාට ඉන්න දෙන්න පාඩුවේ

:       0       0

රංග Monday, 21 May 2012 09:22 PM

හා..හා...හා...යාන්තම් තව සටන් පාඨයක් ඉතිරි වෙලා.

:       0       0

කසුන් Monday, 21 May 2012 09:44 PM

එක සැරයක් ඒ මනුස්සයා රවට්ටලා දේශපාලනයට ගෙනල්ලා සියළු දේ නැති කර දැම්මා. unp එක දැන් ආයි දගලන්නේ එතුමා‍ගේ පිටින් බලයට එන්න. අම්මපා, ෆොන්සේකාට මේක තේරුම් ගන්න මොළයක් නැති හැටි

:       0       0

රජිත් Tuesday, 22 May 2012 01:40 PM

කරුණාකර ඔය දෙගොල්ලොම එතුමාගේ පාරෙන් ඉවත් වෙන්න.අපි බලා ගන්නම් එයාව

:       0       0

ප්‍රනීත් විතාරණ Monday, 21 May 2012 10:20 PM

ආයේ පාරක් ජෙනරාල්තුමාව ඇතුලේ තියන්න ද හදන්නේ.....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 25 May 2012 11:09 AM

ජනරාල්තුමාව එළියට දාලා තියෙන්නේ දෑත් දෙපා බැඳ විලංගු දාලා.මේ හදිසියේ රජයට අපේ ජනරාල්තුමාව එළියට දාන්න හේතුවත් දැන් ඔය චෝදනාවලට ජනරාල් තුමා මඟින් පිළිතුරු බැඳ තමන්ගේ ගැලවීම සලසා ගැනීමට උත්සාහ ගැනීම වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.දැන් බඩු මිළ ඉහළ ගිහින් රජය කෙරෙහි පවතින මහජන අප්‍රසාදය උනත් සෑහෙන්න අඩු වේවී කියලා උපදේශකවරු හිතුවද දන්නේ නෑ..කොහොම වුනත් අතිගරු ජනාධිපතිතුමා මිනිස්සු හිතන විදිහේ නිකම් මෝඩයෙක් නෙවෙයි.වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇති පරිණත දේශපාලනඥයෙක් ඇති අතිගරු ජනාධිපතිතුමා ජනරාල්තුමා එළියට දාන්න ගත්තු තිරණය පිටුපස සෑහෙන දූර දර්ශී වැඩපිළවෙලක් තිබෙන බව මට වැටහෙනවා.ටිකක් බලාගෙන ඉන්න.. මම කියන කාරණය ජනතාවට තව ටික කාලයකදී වැටහෙයි.

:       0       0

රෝචා Monday, 21 May 2012 10:43 PM

නිදහස් කරාට පස්සේනේ කියන්නේ.....

:       0       0

අමිල Monday, 21 May 2012 11:44 PM

කළු පැල්ලම සම්පූර්ණයෙන්ම ඉවත් කරමු

:       0       0

හනුමා Tuesday, 22 May 2012 05:06 AM

දෙන වෙලාවට දෙයි....

:       0       0

තරිදු Tuesday, 22 May 2012 04:00 PM

අර මනුස්සයව අමාරුවේ දාලා දැන් වීරයෝ වෙන්න හදනවා.....

:       0       0

සිසිර Tuesday, 22 May 2012 08:34 AM

කට්ටිය ලකුණු දා ගන්නයි හදන්නේ.....

:       0       0

ලක්මාල් Tuesday, 22 May 2012 09:23 AM

ගරු රනිල් වික‍්‍රමසිංහ මහතානෙනි, කරුණාකර සරත් පොන්සේකා මහතාව ‍ඔබගේ ඉත්තෙකු කර ගැනීමට උත්සාහ නොගන්න

:       0       0

ධම්මික Tuesday, 22 May 2012 09:59 AM

ආපහු වැඩක් දෙන්නද දන්නේ නෑ අපේ ජනපතිතුමාට?

:       0       0

සුනිමල් Tuesday, 22 May 2012 10:35 AM

හොද යෝජනාවක්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2102 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 650 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 729 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site