අනූනව අවුරුදු බද්දකට හිටපු යුද හමුදා ලුතිනන් වරයකු ගත් අක්කර 07ක රජයේ ඉඩමක, පරිභෝජනයට නුසුදුසු ලෙස මහා පරිමාණයෙන් කරගෙන ගිය කෘත්‍රිම රා නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලා රා ලීටර 5000ක් සහ නිෂ්පාදනයට යොදා ගත් උපකරණ හා ව්‍යාජ බලපත්‍රයක් ද සමග හිටපු ලුතිනන් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
ඔහුට ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ඇතැයි කියති.
ලීටර 2000 ටැංකි දෙකක්, ලීටර 250 බැරල් 4ක්, රා ලීටර 5000ක් සහ ආවරණය කරන ලද ලොරියක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.
කෘත්‍රිම රා නිෂ්පාදනය කරන විශාල ටැංකියක තිබී මීකුණක් හමුවූ බව ද පොලිසිය සඳහන් කරයි.
ස්වභාවිකව රා නිපදවන බව පෙන්වීමට පොල්ගස් 200ක පමණ ලනු හා කඹ බැඳ අතුරු සකස් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ලුතිනන්ගේ රා බූලියේ මී කුණක්
ලොයිඩ් Sunday, 06 April 2014 07:49 PM
බන්දුල පෙරේරාට මේ වගේ දේවල් පෙනෙන්නේ නැත (නි)
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 06 April 2014 12:47 PM
මරු ලුතිනන්! මතට තිත තියන්න උදව් දෙන හැටිද මේ? (නි)
ධම්ම Sunday, 06 April 2014 12:50 PM
"ඔහුට ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ඇතැයි කියති"- මෙන්න මෙතැනයි වැරැද්දේ මුල.(ස)
සේන Sunday, 06 April 2014 03:10 PM
මහා පරිමාණයෙන් සිදුවන සියලු අපරාධවලට දේශපාලකොයෝ සම්බන්ධ බව මෙයින් පෙන්වන සත්‍යයයි. (ස)
බානු Sunday, 06 April 2014 04:12 PM
හෙට වෙන කොට වැටලීම කල පොලිස් නිලදාරීන් යාපනයට මාරු කරලා තියේවි. ඊට පසු නඩුව එතැනින්ම ඉවර වේවි. (ස)
ආනන්ද Sunday, 06 April 2014 04:21 PM
ඉදිරියටත් ඔහුට ප්‍රබල දේශපාලනඥයා ගේ සහාය ලැබෙනු ඇත . අද අපේ රටේ පවතින ක්‍රමය එයයි. (ස)
චන්ද්‍රා Sunday, 06 April 2014 05:57 PM
කොතන බැලුවත් හොරවැඩ, කවද්ද මේක හරියන්නේ?.......(ස)