ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු සිව් දෙනකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව ඔක්තෝබර නව වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
2010 ජනවාරි 28 වැනි දා ඔහුට ද, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් දේවප්‍රිය අබේසිංහට හා රියදුරකුට ද, ගාල්ලගේ දොන් හේමපාලට ද තර්ජනය කළැයි වෘත්තීය සමිති නියෝජිතයන් වන කාංචන මාරසිංහ, හියුබට් කුමාර අලගියවන්න, ගාමිණී පුෂ්පකුමාර හා රවී අබේවික්‍රමට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
ඡන්ද සමයේ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන් උල්ලංඝණය කරමින් රූපවාහිනියෙන් රජයේ පැත්ත පමණක් ප්‍රචාරය කළැයි වෘත්තීය සමිති ක්‍රියාකාරකයන් ඔවුනට විරෝධය පළ කර ඇත.
ඇතුගල කියනුයේ ඔවුන් තමනට තර්ජනය කළ බවයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු රූපවාහිනී සභාපති නඩුව ඔක්තෝබරයේ විභාගයට
අජිත් කරුණාරත්න Saturday, 11 July 2015 07:52 AM
අධිකරණ නියෝග ගැන තැකීමක් නැතිව එදා රුපවාහිනිය කටයුතු කල ආකාරය නම් හිරිකිතයි.(අ)
පාලිත Friday, 10 July 2015 08:17 PM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
බණ්ඩාර ගලේවෙල Sunday, 12 July 2015 02:58 AM
අහෝ ඇතුගල ගුරුතුමනි.....ලැජ්ජයි. ඔබ මගේ ජනමාධ්‍ය ගුරුවරයා වීම ඊටත් වඩා ලැජ්ජයි..(නදී)
සරත් සවුදි Saturday, 11 July 2015 10:10 AM
දඩයම වෙන්නේ පලිගැනීම් මේවා එවර වෙනවා ළඟදිම් (අ)
කැනඩා දිසා Saturday, 11 July 2015 01:05 AM
අපි නොදන්නවා කියලා හිතන්න එපා එදා වුණ දේවල් (නි)