IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිටපු මන්ත්‍රීන් 19ක් උසාවි කැඳවයි

 මාදිවෙළ මන්ත්‍රී නිළ නිවාසවල  සිටියදී  කුලී  නොගෙවන ලදැයි  කියන  හිටපු මන්ත්‍රීවරුන්  19 දෙනකුට  එරෙහිව නුගේගොඩ  දිසා අධිකරණයේ  නඩු පවරා ඇත.

 ජුලි 16 වැනිදා  අධිකරණයේ  පෙනී සිටින ලෙස ඔවුනට  සිතාසි  යවන ලෙස  දිසා විනිසුරු  නාමල් බණ්ඩාර බලල්ල   මහතා නියෝග කළේය.

 2001 දෙසැම්බර් මස 05 වැනිදා  සිට 2004 පෙබරවාරී  07 වැනිදා  තෙක් නිළ නිවාසවල පදිංචිව සිටි

 මහීපාල හේරත් , ඩී.එම් බණ්ඩාරනායක, රාසා කුගනේෂ්වරම්, සංජීව බණ්ඩාර කවිරත්න, සිරි ආන්ද්‍රා හැන්නදි , සුරේෂ් සතාසිවම්, චන්දන කත්‍රිආරච්චි ,  තිළිණ බංඩාර තෙන්නකෝන්, පතිරගේ දොන් අබේරත්න, මොහොමඩ් අබ්දුල්ලා මහරුෆ්, මොහොදීන් බාවා අබ්දුල් අසීස්, බද්දේගම සමිත හිමි , උපාලි සමරවීර  ,ජස්ටින් ගලප්පත්ති, ලකී ජයවර්ධන , තම්බි මොහොමඩ්, මොහොමඩ් අබ්දුල්ලා මොහොමඩ් යන මන්ත්‍රීවරුන්ට එසේ සිතාසි නිකුත් කැරිණි.



අදහස් (0)

හිටපු මන්ත්‍රීන් 19ක් උසාවි කැඳවයි

අමාලි සිල්වා Friday, 21 June 2013 09:33 PM

රටට සේවය කරනවා කියල මහජන චන්දයෙන් ගොස් රටටම පොලු තියන මන්ත්‍රී වරු මේ ගොල්ලෝ. රජයේ සේම දෙයක්ම නඩත්තු වන්නේ මහජන මුදලින් . අපේ බදු මුදල් . මේ වගේ මත්රිවරුන්ට චන්දය දෙන අපිටම අපි තලා ගන්න ඕනේ .

:       0       0

අසෝක Saturday, 22 June 2013 05:14 PM

අපි තම මුන්ගේ පවු ගෙවනවා, ලබනපාර ඡන්දෙ එනකන් බලන්ඉම්මු (අ)

:       0       0

ජානි Friday, 21 June 2013 10:15 PM

සමහර විට වැඩ අධික නිසා ගෙවන්න අමතක වෙන්න ඇති. (නි)

:       0       0

සුමන Saturday, 22 June 2013 11:11 AM

පිළියන්දල ඉන්න මන්ත්‍රීට මාදිවෙල ගෙවල් දීලා චන්දදායක්යන්ට බයේ හැංගිලා ඉන්නද? (ස)

:       0       0

අසේල Friday, 21 June 2013 11:34 PM

ඕක නිසා තමයි දැන් ඉන්න අයගේ නිවාස කුලී, වතුර බිල් , විදුලි බිල්, රියදුරු බිල්, අරක්කැමි බිල්... එකී මෙකි සෑම බිලක්ම රජයෙන් ගෙවන්නේ. (නි)

:       0       0

විතානගේ Saturday, 22 June 2013 12:02 AM

එයත් ඉන්නවාද (අ)

:       0       0

නිල්මිණි Friday, 21 June 2013 06:30 PM

අයියෝ ඕකවත් ගෙවා ගන්න බැරිද? (නි)

:       0       0

මංජු Friday, 21 June 2013 06:30 PM

මේ සමහරු දැන් පාර්ලිමේන්තුවේත් නැහැ නේද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 21 June 2013 06:30 PM

තව කොහාට කොහාට පොළු තියලද කියලත් හොයලා බලන්න ඕනෑ (නි)

:       0       0

අමිල කටුනායක Friday, 21 June 2013 06:32 PM

මේ අය ඒ කාලේ ගමට යන්නෙම නැතුව මෙහෙම හිටියද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

දසුනි Saturday, 22 June 2013 01:06 AM

මේ අය බලයේ ඉදිද්දි වගේම දැනුත් දුප්පත් අපිටමයි සෙත සලසන්නේ.අපි කොච්චර වාසනාවන්තද? (නි)

:       0       0

උපාලි Saturday, 22 June 2013 09:44 PM

ඔන්න ජනතාවනි චන්දෙ දෙන්න ඉස්සරලා බලන්න ඕන ලිස්ට්එකක් (අ)

:       0       0

උපාලි Saturday, 22 June 2013 01:14 AM

වංචනිකයන්ට ජාති, ආගම් භේද නැහැනේ. අනික ඉතින් ලොකු ඉස්කෝලේ කට්ටිය ඔහොම බව මුළු රටමත් දන්නවනේ. ලැයිස්තුව මෙච්චර කෙටිවීම ගැන සතුටු වෙලා හිත හදා ගම්මු. (නි)

:       0       0

ඕෂන් Friday, 21 June 2013 06:45 PM

පව් අසරණ මිනිස්සු , අපි වගේ නෙමෙයිනේ දුප්පත්නේ. අපිවත් මේක ගෙවලා දාමුද නිල්මිණි , මංජු ,අමිල? (නි)

:       0       0

නිමල් ලලිත් Saturday, 22 June 2013 01:44 PM

මොකද මේ සීලට සේනාවම මතක් වෙන්නේ. මොකුත් වෛරයක් එහෙම තියෙනවද. කමක් නැහැ බනිනේ විද්‍යුත් මාධ්‍ය මගින්නේ. (අ)

:       0       0

ජනක Friday, 21 June 2013 06:59 PM

අයියෝ! ඔයාලත් දෑත් ශක්තිමත් කොළා නම් ඉවරනේ. (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 22 June 2013 02:05 PM

මරණයට පත්වුනු අයටත් උසාවියට එන්න කියන රට ලංකාව විතරක් වෙන්න ඇති. මන්ද මෙහි වරදකරුවෙකු යැයි කියනු ලබන එම්.බී අබ්දුල් අසීස් යන අය මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන අතර මෑතකදී මරණයට පත්වූ ඔහුටද දැන් උසාවියට ඒමට සිදුව තිබේ. ආශ්චර්ය පිට ආශ්චර්ය. (අ)

:       0       0

විජය Saturday, 22 June 2013 04:21 AM

අනේ පව්. දුප්පත් මිනිස්සු ටිකක්. (නි)

:       0       0

රජිත් ඉතාලි Friday, 21 June 2013 07:24 PM

ඌරො ජීවත් වෙන්නේ කන්ඩ නිදියන්ඩ.අපේ රටේ ජනතාව කව්ද? (අ)

:       0       0

සමන් ප්‍රදීප් Saturday, 22 June 2013 02:44 PM

ගෙවල් දෙනකොට ඉපදුන තැන බලන්නේ ,ආසනේ නෙමි,නැතනම් චන්දන මන්ත්‍රී තුමාට ගෙයක් ලැබුනේ කොහොමද (අ) '

:       0       0

පනාගොඩ මෙල්බර්න් Friday, 21 June 2013 07:33 PM

කොහේද කොහේද අපේ ලොවක් කොහේද කොහේද අපේ රටක් මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 22 June 2013 05:44 AM

ලැජ්ජයි. රටට ආදර්ශමත් විය යුතු අය නේද මේ? (නි)

:       0       0

වාසනා Saturday, 22 June 2013 06:13 AM

ජේ.වී.පී. කට්ටිය නැහැ නේද ? (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 21 June 2013 07:48 PM

බොහෝම හොඳයි අහන්නත් සන්තෝසයි, ජාති ආගම් බේදයකින් තොරව හැමෝම වාගේ ලිස්ට් එකේ ඉන්නවා, රට පෙරට යන ගමන් අපිත් යමු පෙරටම මෙයාලගේ කුලිය ගෙවලා දාන්න !(අ)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 07:51 PM

දුර බැහැර මන්ත්‍රීවරුන්ට නිලනිවාස දීමේදී අදාල කුලිය වැටුපෙන් අඩු කරගැනීමේ ක්‍රමවේදයක් සකසා නොගැනීම පාලන තන්ත්‍රයේ වරදක්. (ත)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 07:51 PM

දුර බැහැර මන්ත්‍රීවරුන්ට නිල නිවාස දීමේදී අදාල කුලිය වැටුපෙන් අඩු කරගැනීමේ ක්‍රමවේදයක් සකසා නොගැනීම පාලන තන්ත්‍රයේ වරදක්.සිතාසි නිකුත් කිරීමට ප්‍රථම ,ඒ ඇත්තෝ දැනුවත් කළා නම් ගෙවා දමයි.මට කනගාටු 1 වැනියට ඉන්න කෙනා නිහතමානි ,අවංක පුද්ගලයෙක්.ඉල්ලීමක් කළා නම් 19 දෙනාගේම කුලිය එතුමා ගෙවයි. (නි)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 06:38 AM

මේ රටේ මිනි මරන්නේ, මංකොල්ල කන්නේ, පොලු තියන්නේ, කරන තරමක් අපරාධ කරන්නේ බැලුවම දේශපාලකයෝනේ. ඉතින් කොහොමද එල්ලුම් ගහ ගේන්නේ? (නි)

:       0       0

ජානක Friday, 21 June 2013 07:57 PM

හාමුදුරු නමකුත් පොලුතියලද? (ත)

:       0       0

ශීලා Friday, 21 June 2013 07:57 PM

අර සේනා මේ සේනා කෝ... හාමුදුරුනමකුත් ඉන්නවා මේ ලයිස්තුවේ.... මේවට කෑගහන්නේ නොර්වෙන් අනුමත කලොත් විතරද.(ත)

:       0       0

පෙරේරා Saturday, 22 June 2013 07:10 AM

කොයි කාටත් බලය නැතුව ගියහම ඔය ටික තමයි (නි)

:       0       0

ශෙනාල් Friday, 21 June 2013 08:32 PM

ජනතාව පත් කරන මන්ත්‍රීලා තමන්ගේ යුතුකම් නොකර රටේ මිනිසුන්ගේ යහපතට වැඩ කරාවිද? අනේ මන්දා මෙහෙමත් ශ්‍රී ලංකාවක් ..... (නි)

:       0       0

ඇසළ Friday, 21 June 2013 08:33 PM

ශීලා, මොකද ඔයා සේනාව පස්සෙම එලවන්නේ. (නි)

:       0       0

නිමල් ලලිතා Saturday, 22 June 2013 08:48 AM

අනේ අපොයි මේ නඩු දාලා තියෙන්නේ සේවය කරන්න ඇවිල්ලා පොල් සම්බෝල් එක්ක බත් කාලා තමන්ගේ තුට්ටු දෙකත් අපි වෙනුවෙන් වියදම් කරපු අපේ මහජන සේවකයන්ට නේද?  ඒ මදිවට මේකේ තියෙන හොඳම ප්‍රවෘත්තිය බද්දේගම සමිත හමුදුරුවන්ටත් නඩු දාපු එකනේ. සමාජ වාදයේ හැටි පෙනෙනවානේ. අනේ මේ රජයේ නිලදාරීන් කරලා තියෙන්නේ මොන තරම් වැරදි වැඩක්ද.(නදී)

:       0       0

අල්විස් Saturday, 22 June 2013 08:48 AM

ශීලා කවුරු උනත් කියපු දේ නම් ඇත්ත. වංචාව බොරුව බෞද්ධ භික්ෂුවට අකැප දෙයක්. මේ වහන්සේලාගේ නම පමණක් නොව මුහුණේ පින්තුරෙකුත් පල කරනවා නම් ඒක ලොකු සේවයක් වේවි.(ස)

:       0       0

වසන්ත Saturday, 22 June 2013 09:02 AM

ඇමතිවරුන්ගේ ලිඝ්ට් බිල් රජයෙන් නොගෙවිය යුතුයි.(නදී)

:       0       0

වාවේසු Friday, 21 June 2013 08:48 PM

ඔචුචර හොරකම් කරලත් ඒකවත් ගෙවලා නහැ. තව රටවල් පාලනය කරන්න හදනවා.(නදී)

:       0       0

අස්මිත් Saturday, 22 June 2013 09:09 AM

මේ අය කුලී ගෙවන්න බැරුව දුක් විදිනවා පෙන්නේ නැද්ද මහජනයාට ? ලයිට් බිල වැඩි කරන්න අනුබලදීලා පෙළපාලි ගිය කට්ටියගේ ලිස්ට් එක අරන් එයාලට කියලා මේ බිල් ටික ගෙවා දමමු. තව ඇමතිලා ලයිට් බිල් ගෙවලා නැත්තම් ඒවත් එයාලට කියලා ගෙවන්න පිළිවෙලක් හදමු. අහිංසක ජනතාවගේ කරපිටට මේ දේශපාලුවන්ගේ පව් පුරවන්න එපා.(නදී)

:       0       0

රත්නායක Saturday, 22 June 2013 09:17 AM

අනේ පවු , ආපදා කළමනාකරණ ඇමතිට මේවා පේන්නේ නැද්ද දෙවියනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site