IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අත්අඩංගුවට ගනියි

(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහකාර අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ විශ්‍රාමික් බ්‍රාහ්මණ බ්‍රාහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඉරියගම සහ ලිපිකරුවකු ලෙස කටයුතු කරන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අයවලුන්ය

වීරසිංහ මහතාගේ ධුර කාලය තුළ සිදුවුයේ යැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් කරන විමර්ශනයක් හේතුවෙන් ලෙස මෙම අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි



අදහස් (6)

හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අත්අඩංගුවට ගනියි

විපරමා Tuesday, 01 July 2025 03:34 PM

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ පගා හොරු ඉන්න තැනක්. සුළු සේවකයා පටන් ඉහළ නිලධාරියා දක්වා ගෑණු පිරිමි බේදයක් නැතුව වැඩිහරියක් ඉන්නේ ගසාකන අය.

:       2       62

රුවන් Tuesday, 01 July 2025 03:56 PM

ඉස්සර අපි හිතුවේ සුදු සරම් ඇදන් ඉන්න ඇමැතිලා තමයි හොරු කියලා බැලින්නං ටයි දාපු උගත් මහත්හොරු ඊට වඩා දරුණුයි. හැබැයි මේ ආණ්ඩුව නැත්තං මේ අය තාමත් යහතින්.

:       3       58

Sameera Tuesday, 01 July 2025 04:09 PM

ඇයි මේ රටේ හොරකම් කරන්න පුළුවන් විදියට නිති තියෙන්නේ? රාජ්‍ය යාන්ත්‍රණය සරල විය යුතුයි! උදා. පාස්පෝට් හදන්න හැඳුනුම්පත පමණක් නොවේ උප්පැන්න සහතිකය අත්‍යාවශ්‍යයි ! හැඳුනුම්පත උප්පැන්න සහතිකය නැතිව හදන්න බැහැ! ඇයි ආයෙමත් උප්පැන්න සහතිකය ඉල්ලන්නේ? මෙවැනි අනවශ්‍ය නීතිරිති නිසා තමයි මේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම සහ දුර්වලව පවතින්නේ...

:       2       7

Udeni Tuesday, 01 July 2025 05:39 PM

සමීර මහතා උප්පැන්න සහතික පිටපත් ගන්න අමාරු නැහැ. නිතරම ඔබලා පිටපත් කීපයක් අරගෙන තියාගන්න. උප්පැන්න නැතුව passport ගන්න යන ඔබලා ඉන්පසුව රාජ්‍ය සේවකයාට අල්ලස් දෙන්න හදනවා. වර්තමානයේ නම් උප්පැන්න සහතිකයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය තියාගන්න. පිටරටට යන අයට හුඟක් වටිනවා.

:       1       8

Wimal Tuesday, 01 July 2025 04:16 PM

ඕක ඇතුලේ ඉන්නේ අම්මගේ කුසතුළම හොරකම ජාතක කරගෙන ආපු අය...

:       1       33

Rata Perata Tuesday, 01 July 2025 04:35 PM

සෙමෙන්, එහෙත් නිසැකවම. රටේ පොඩි හරි වෙනසක් තිබිලා තියෙනවා.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site