ලංකාදීපයේ පළවූ ප්‍රවෘත්තියක තොරතුරු දුන්නේ කවුදැයි අසමින් තමාගෙන් බලෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිසියට පැමිණිලි කළහොත් මරාදමන බවට තර්ජනය කළැයි ඇත්කඳුර ලංකාදීප වාර්තාකරු ජනත් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිරි ඇතුළු කණ්ඩායමකට එරෙහිව කළ පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඇරඹූ බව පොලිසිය කියයි.
ජනත් ද සිල්වා යතුරු පැදියෙන් යද්දී ගෝනාපීනුවලදී බලෙන් බිමට බස්වා ඇදගෙන ගොස් ප්‍රවෘත්තියක මූලාශ්‍රය හෙළිකරන ලෙස තර්ජනය කර ඔවුන්ට ඕනෑ විදියට ප්‍රකාශයක් පටිගත කරගත්තැයිද පොලිසියට පැමිණිලි කළහොත් ගෙදරටම අවුත් මරා දමන බවට තර්ජනය කළැයිද විනාඩි 20ක් පමණ තමා බලෙන් රඳවාගෙන තර්ජන හා අඩම්තේට්ටම් කළැයිද හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
සාපාරාධී ලෙස රඳවාගැනීම, මරණ තර්ජන එල්ල කිරීම, බලෙන් ප්‍රකාශයක් ලබාගැනීම හා මාධ්‍යවේදියකුගේ රාජකාරියට අවහිර කිරීම යන කරුණු යටතේ එම පිරිස අත් අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාව සම්බන්ධයෙන් ලංකාදීපයේ පළවූ පුවතක් වැරදි යැයි කියමින් හිටපු සභාපති එවූ පැහැදිලි කිරීමද පසුගියදා ලංකාදීප පත්‍රයේ පළවීමෙන් පසුව මාධ්‍යවේදියාට මෙසේ හිරිහැර කර ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ප්‍රා. සභාපතිගෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන
මුගා Sunday, 12 July 2015 04:02 PM
තවම මැරබලය හැමතම. මුන් අතුගාලා දාණ්ඩ ඕන (බ)
රූපවතී Monday, 13 July 2015 07:31 AM
පොලිසියක් උසාවියක් හරියට නීතිය ක්‍රියා නොකරන රටේ ..මාධ්‍යවේදියෙකුගේ ඉරණම ගැන කුමන කතාද..? දැන් මාධ්‍යවේදීන්ට එදාට වඩා බලතල දීල තියනවා කීවා නේද? ඒ මේවද? (බ)
විජයබාහු Monday, 13 July 2015 08:02 AM
මැර බලය පාවිච්චි කරන අයට උපරිම දඬුවම් දෙන්න. (ර)
රෙජි-සිඩ්නි Monday, 13 July 2015 01:15 AM
මම හිතාගෙන හිටියේ දැන් අපේ රටේ මාධ්‍ය නිදහසට අවහිරයක් නැහැ කියලා. (නි)
විජේතුංග Sunday, 12 July 2015 01:26 PM
මේක පුදුම නීතියක්නේ. අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කරගත යුතුයි (නි)
දිසානායක Monday, 13 July 2015 01:57 AM
එදා තිබුණු මැර බලයේ තරම තවම සම්පූර්ණයෙන්ම ගිහින් නැහැ. (නි)
සත්‍යයා Sunday, 12 July 2015 01:31 PM
බලය නැති වෙලාවේ හැසිරෙන්නේ ඔහොම නම්, ආයෙත් බලයට ආවොත් මොනවා වෙයිද (නි)
වැකෝ Monday, 13 July 2015 03:18 AM
පොලිසිය කඩිනම් පියවර නොගන්නේ මොකද ?(ම)
ගාල්ලේ පාල Sunday, 12 July 2015 02:53 PM
මේ වගේ නරුමයන්ට නීතිය ක්‍රියාත්මක කලයුතුයි. බලධාරීන් මේවට නිසි ක්‍රියා මාර්ග නොගැනීම ප්‍රමාදකිරීම ලොකු වරදක් (නදී)
චන්දු Sunday, 12 July 2015 03:04 PM
ජනාදිපති මෛත්‍රීපාල මෙයාට නීතිය කරාවිද බලමු.(නදී)
පිවිතුරු යහපාල Sunday, 12 July 2015 03:21 PM
යහපාලන ආණ්ඩුවේ තවත් ප්‍රතිපලයක් (නදී)