IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයිි.

එම සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය හා ව්‍යාජ හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන ඇත.

ව්‍යාපාරිකයකු වන එම පුද්ගලයා සතුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව    ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය  වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමේදී  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගෙන 2014 වසරේ සිට 2019 වසර දක්වා  කොරියා රටට පිටත්ව ගිය බවට අනාවරණය වු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම දිනවල විදේශගතවීම සඳහා  වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන්  කැස්බෑව ප්‍රදේශයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිටපු සම්බන්ධ කරන ලේකම්වරයෙකු  තම සහෝදරියගේ උපන් වර්ෂයේ යොදා ජාතික හැඳුනුම් පතක් ව්‍යාජ ලෙස සකසා එකී උපන්දිනයට ගුවන් ගමන් බලපත්‍රයක් සාදා තමන් වෙත ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසියෙක් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි  පුද්ගලයෙකි.

 



අදහස් (1)

හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට

B Amarasinghe Tuesday, 24 June 2025 10:52 AM

දැන් 39 නම් 2014 දී වයස 28යි නේ? කොහොමද වයස මදි වෙන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 313 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site