IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හිටපු ජනපති ශ්‍රීලංකන් පතුරු ගහයි

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ කජු මිනිස්සුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවද සඳහන් කළේය.

ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව හෙතෙම ප්‍රකාශ කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය

කිසිම වෘත්තිය සමිතියකට ගුවන් සේවාව ගැන රජය කිසිම සාකච්ඡාවක්දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වෘත්තිය සමිතිවලට කාලයදීම වැදගත් බවද සඳහන් කළේය.

සෑම ඇමැතිවරයකුම මේ ගුවන් සේවාවට සේවකයන් අසීමිතව දැමූ බවද ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (12)

හිටපු ජනපති ශ්‍රීලංකන් පතුරු ගහයි

Kumar Senarathna Tuesday, 06 June 2023 04:02 PM

ශ්‍රීලන්කන් ගුවන් යානා වලින්පසුගිය දශක තුනක පමණ මා ඇතුළු අප පවුලේ අය ලංකාවටත් වෙන රටවලටත් ගිහින් තියනවා.දැන් තත්වය ශෝචනීයයි. ආයුබෝවන් කීම හැර කිවයුතු හොඳක් නම් දැන් ඇත්තෙම නැහැ.ටෙලිපොන් කළොත් කිසිදිනෙක වැඩක් කර ගන්න නම් උගහටයි.වෙබ්සයිට් එක අන්තිමයි. කෑම , එන්න එන්නම ජරා තත්වයකට පත්වෙලා. සේවාවන් හැම එකක්ම පහත වැටිලා.මේ වෙනස මෙවර අපි එනවිට ඉතා භයානක තත්වයකට පත්ව ඇති බව කණගාටුවෙන් කියන්න වෙනවා. මෙය කාටහරි දෙන්න.හදලාගන්න. .දැන් තත්වය ශෝචනීයයි - අවංකවම මගේ ශෝකය මේ සමග පළකරනවා.

:       2       90

Walter H. White Tuesday, 06 June 2023 05:51 PM

ඔහෙලා දන්නවැයි මේ මහත්තයා අවුරුදු 5ක් ලංකාවේ විධායක ජනාධිපති වෙලාත් හිටියා කියලා. උන්දෑටත් ඒ වග මතකයක් නැහැ වගේ. දැන් කතා කරන්නේ අලුත ඉපදුණු දරුවෙක් වගේ...!

:       0       0

Dayal Tuesday, 06 June 2023 06:11 PM

ශ්‍රී ලන්කන් ස්ටාෆ් සලකන්නේ සුද්දන්ට පමණයි... දුර ගමන් යනකොට අමතර වතුර ටිකක්වත් දෙන්නේ නැහැ... ඉල්ලපු රිසර්ව් කරපු සීට් එක සුද්දන්ට දෙනවා. සේවය අන්තිම නරකයි. කණගාටුදායකයි. ඔය කෙහෙල්මල වෙන රටකට විකුණලා දාන්න...

:       0       0

මධුර ආරියරත්න Tuesday, 06 June 2023 07:27 PM

මගේ පුතා ඊයේ කැනඩාවට එන ගමනේ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඩුබායිවලට පැමිණ ඇත. ඔහු මට කීවේ ඔහු 3 වරක් පොරවනයක් ඉල්ලා ඇති අතර පසුව එම ගුවන් සේවකයා ඔහු ළඟින් යනවිට අහක බලාගෙන ගිය බවත්... අහෝ දුකකි, ඔබලා නැති කරන්නේ ශ්‍රී ලංකාවේ නාමයයි.

:       0       0

Siyathu Tuesday, 06 June 2023 09:29 PM

ඕවා විතරක් නෙවෙයි, රටේ වල්වැදුණු නීතිය ඇතුළු ඔක්කොම ලස්සනට හදන්න කියලා තමයි අපි ඔහෙට බාරදුන්නේ... කොහෙද සමාගමකට කඩේ ගියපු එක විතරයි කෙරුවේ... දැන් ඉතින් කතාකරලා වැඩක් නැහැ...

:       0       1

Bamunuarachchi Tuesday, 06 June 2023 10:37 PM

පිස්සු කරන්න එපා හලෝ... කැනේඩියන් එයාර් ලයින් එකේ කෑම කාලා තිබෙනවද? ඉකොනොමි පන්තියට hard liquor ලැබෙන්නේ නැත. කෑම පලේ පල්. ඔහේගේ කරුමෙට පරණ රටකජු ලැබුණාට සමහර එයාර්ලයින් වල කෑම බැලුවාම එයාර් ලංකා කෑම සුපිරියි. මෙයා කවද කාපු ටකරන්ද?

:       1       3

Gaston Tuesday, 06 June 2023 11:53 PM

ඉතිං ජනපතිලෙස ඉඳල නුඹ මෙදෙස මුකුත් නොකර බලං හිටියෙ තම ගිනුමට සල්ලි කොහෙන් ආවද දන්නෑ කියල හිටංද? ගොං ආතල් දෙන්නෙ නැතුව හිටං

:       0       3

කොමිස් පප්පා. Wednesday, 07 June 2023 08:20 AM

දැන් බයවෙන්න දෙයක් නෑ. දැන් ඉන්න ඇමතිතුමා ඕක නග්ගල ගනී දවසෙන් දෙකෙන්. ඔය ඇමැතිකමට මැරීගෙන පොරකන්නේ ඇයි කියලා හැමෝම දන්නවා. පක්ෂේත් එපා මට ඕක දෙනවනම් කියලා ආපු කෙනෙක්නේ දැන් ඉන්නේ.එහෙම ආවේ ඔය සේවාව නඟා සිටුවීමට තමයි ටිකක් ඉවසලා ඉන්න වෙයි. අන්තිමට ගුවන් යානා ටික යකඩ වලට විකුණලා තමයි නවතින්නේ.... කාංචන ඇමතිතුමා වගේ තරුණ ක්‍රියාශීලි කෙනෙකුට ඕක දුන්න නම් ඇත්තටම වෙනසක් කරයි.

:       0       2

Lakmal D1 Wednesday, 07 June 2023 08:55 AM

මේ මනුස්සයා වැඩකටම නැති දේශපාලකයෙක් උනාට ,මේ කියන දේ නම් 200% ට වඩා හරි

:       0       3

Senarath Wednesday, 07 June 2023 09:18 AM

මෙයා රටේ ජනපතිවෙලා අපිට කියනවා රටේ ප්‍රශ්න ඒවාට විසඳුම් සොයන්නේ නැතුව.මේ වගේ උන්දැලා නිසා තමා රටට මෙහෙම උනේ .1989 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා.පවුලට හැර රටට මොකද්ද උන සෙතේ ?

:       0       2

කිරිපුතා Wednesday, 07 June 2023 09:23 AM

මෙතුමා කියන කතා හරියට ම හරි. අපි අපේ කමට තාම පාවිච්චි කරන්නෙ අපේ ගුවන් සේවය. කවුරුත් නොමිලේ එන්නෙ නෑ.හැම වෙලාවක ම ආසන පිරිලා . දැන් ඉන්න සේවක සේවිකාවන් පවා කෘත්‍රිම හැසිරීමක් පෙනවන්නෙ. අපේ කමක් ගෑවිලාවත් නෑ. මෙහෙම කියන්නෙ වසර 20 කට වඩා පලපුරුද්කින්.මේක දැන් විකිණෙනවා . ඒක නවත්වන්න බෑ . කණගාටුයි. හැමතැනම හොරු

:       0       2

පප්ප Wednesday, 07 June 2023 02:15 PM

මේක මහ පුටුවේ සැපගන්න කොට ලෝකය වටේ කරක් ගහලා ලන්කන් ගුවන් යානයක එන ගමන් කජු ගිලලා ඒවා පරණයි කියලා, ඒ කාලේ ලොකු නාඩගමක් නැටුවා. එදා කජු දෙනකොට මෙයාට ජාපාල ඇට දෙක තුනකුත් කවන්න තිබුනේ බඩ යන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10691 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 152 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site