IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හිටපු ජනපති වරප්‍රසාද - මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න පනත් දෙකක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න (සංශෝධනය) කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වත්මන් රජය විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද "පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5 කට පසු ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට වරමක් ලබා දී තිබේ. 

ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ‍ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 2 ක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

හිටපු ජනපති වරප්‍රසාද - මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න පනත් දෙකක්

රුවන් Tuesday, 17 June 2025 05:12 PM

2/3 කඩුව තියන් කොස් කොටන්නද? පනත් හදලා හිටපු හොරු දන්ගෙට යවන්න ඕනේ සිංගප්පූරුවේ වගේ...!

:       1       13

Karunarathna Tuesday, 17 June 2025 08:08 PM

ඉස්සර පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වුනේ යමක් කමක් තියෙන ඇති හැකි අයට පමණයි. ඉතින් එහෙම තියෙද්දී ජනතාවගේ වීරයෝ ප්‍රායෝගික අත්දැකීම් බහුල පිරිස් සමාජයේ හිටියා දිස්ත්‍රික් ක්‍රමයට ඔවුන්ට පාර්ලිමේන්තුවට යන්න අමාරුකම් ඇතිවුණා තමයි. එහෙම අයට පාර්ලිමේන්තුවට තේරිලා මුලු ජීවිතයම සමාජය වෙනුවෙන් කැපකලාම අන්තිමේ ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවුණා.. ගාල්ලේ දහනායක මැතිතුමා එවැනි කෙනෙක් කියලා මම දැකලා තියෙනවා අන්ත දුප්පත්ම අය හිටියා ඔවුන්ගේ අවසාන කාලය ගතකිරීමට ඔය විශ්‍රාම ක්‍රමය ජේ ආර් සැකසුවේ සාධාරණව දූෂණයෙන් තොර අයගේ ජීවත්වීමට පමණයි. එහෙත් සිදුවුණේ අනවශ්‍යම ආකාරයට ගෙවීම් කිරීම නිසා මෙයට විරෝධතා ඇතිවුණා.. ඒ ගැන අවදානයට ගන්නවා නම් හොඳයි.

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site