‘යුද හමුදාවක් තියෙන්නේ මන්ත්‍රිවරුන් ආරක්ෂා කරන්න නොවේ. රට ආරක්ෂා කරන්නයි. ජාතිය ආරක්ෂා කරන්නයි. මට ඇත්තෙත් අනෙක් මන්ත්‍රිවරුන්ට ඇති ආරක්ෂාවමයි රාජ්‍ය ආරක්ෂාවමයි‘ යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (10) සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ වේරහැර ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීමට ගිය අවස්ථාවේදී පැවසීය
ශ්‍රි ලංකාවේ පළමු විශ්ව විද්‍යාල රෝහල ලෙස වේරහැර ඉදිකෙරෙන ශික්ෂණ රෝහල සහ සිසු නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණය කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාල උපකුලපති මිලින්ද පීරිස් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගොඩනැගිලි සංකීර්ණය මහල් අටකින් සමන්විතය.
කාමර 300ක් විවේකාගාර දේශන ශාලා ආපන ශාලා යන සියලු පහසුකම් සහිත මෙම ගොඩනැගිලි ඉදිකිරීමත් සමග දේශීය මෙන්ම විදේශිය සිසුන්ටත් මෙහි නවාතැන් පහසුකම් සැලසෙනු ඇති අතර ලබන වසරේ මැද භාගය වනවිට රෝහලේද ඉදිකිරීම් නිමකිරිමට නියමිතව ඇත.
‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව අප ලබාදී තියෙනවා. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් මතයක් ගොඩ නගන්න හදනවා මේ රජය රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නෑ කියලා. ඇත්තෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, මමත් ආරක්ෂක ලේකම්තුමත් ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරිනුත් ජාතික ආරක්ෂාවට බලපෑම් කරන්න කිසිම සංවිධානයකට ඉඩ දෙන්නේ නෑ‘ යනුවෙන්ද ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හිටපු ජනපතිට ඇති තරම් ආරක්ෂාව දීලා‘
ජනක Thursday, 10 December 2015 10:42 PM
ඔබට සාර්ථක, දිගු ගමනකට ආසිරි! (නි)
නිවන්තක Thursday, 10 December 2015 12:50 PM
ඔබතුමා සැබෑම දක්ෂයෙක් (නි)
උපාලි Thursday, 10 December 2015 01:14 PM
මේ වගේම අනිත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ප්‍රශ්නත් විසඳනවා නම් වඩාත් හොඳයි. (නි)
අදිකාරම් Friday, 11 December 2015 02:50 AM
තරුණ පරපුර රටේ අනාගතයයි. ඔවුන් ආරක්ෂා කළයුතුයි. ඒ සඳහා ඔබට ශක්තියත් මඟපෙන්වීමත් ලැබේවා! (නි)
යමුනා Friday, 11 December 2015 03:04 AM
ඔබතුමා කියන කතාව අපිත් පිළිගන්නවා (නි)
ශාන් Thursday, 10 December 2015 01:38 PM
ඔබතුමා සැබෑම දක්ෂයෙක්. ඔබ රටත් ජාතියත් ආරක්ෂා කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔබට ජය! (නි)
ටුආන් Friday, 11 December 2015 03:10 AM
ඔබ වැනි වීර පුරුෂයින් තමයි රටට අවශ්‍ය (නි)
නිරාන් Thursday, 10 December 2015 01:57 PM
හොඳ කතාවක් (නි)