IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු ජේඑම්ඕගෙන් උසාවියට ලියුමක්

රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වද්දී වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් එම පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරුනට තර්ජනය කර බලපෑම් කළැයි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ලිපියක් මගින් අද (3) පැමිණිලි කළේය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගෙන් අපක්ෂපාතී දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවද එම ලිපියේ සඳහන්වේ.

ඔහු කියනුයේ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධරයන්ද සමග 2012 මාර්තු 17 වැනිදා තාජුඩීන්ගේ සිරුර කපා පිළිස්සූ බවයි. තම නිගමන මූලික වාර්තාවකින් අධිකරණයට ඉදිරිපත් කළ බවද ඔහු කියයි.

දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය ඇරඹීමත් සමග තමා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන රහස් පොලිසිය තමන් කැඳවා කටඋත්තර ගත් බවද ඔහු කියයි.

එම ප්‍රශ්න කිරීම්වලදී රහස් පරීක්ෂකයන් ඇසූ ප්‍රශ්නවලට පරීක්ෂණවලින් හා මුල් වාර්තා පිරික්සීමෙන් පසුව උත්තර දිය යුතු බවද ඔහු අධිකරණයට දන්වා ඇත. එහෙයින් අධිකරණයටද පිටපත් සහිතව තමාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසිය දැන්වූ බවත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහුගේ ලිපියේ සඳහන්වේ.

2013 ජූනි 3 වැනිදා තමා විශ්‍රාම යද්දී තමන් ලියාගත් වාර්තාවල මුල් පිටපත් රැගෙන ගිය බවත් සෙසු වාර්තා කාර්යාලයේ තිබූ  බවද ඔහු කියයි. දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වත්මන් අධිකරණ වෛද්‍ය නිලධරයා ඇතුළු පිරිසක් ඔහුගේ සිරුර ගොඩගත් බවත් තමා යටතේ තමාගේ දෙවැනියා ලෙස සේවය කළ වත්මන් අධිකරණ වෛද්‍ය නිලධරයා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම එකඟ නොවූ බවත් මහාචාර්ය සමරසේකර කියයි.

වත්මන් අධිකරණ වෛද්‍ය නිලධරයා තමාට එරෙහිව අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවත් වෙනත් වෛද්‍යවරුන් එම චෝදනා අසා සිටි බවත් ඔහුගේ ලිපියේ දැක්වේ.



අදහස් (0)

හිටපු ජේඑම්ඕගෙන් උසාවියට ලියුමක්

වජිරපාල Thursday, 03 September 2015 02:47 PM

තාජුඩීන්ට සාධාරණයක් ඉටුවීම අපේද බලාපොරොත්තුවයි (නි)

:       0       0

ප්‍රියංකා Thursday, 03 September 2015 03:15 PM

මහාචාර්ය ආනන්ද සමරසේකරට ස්තුති වන්ත වෙමි, ඔබ අධිකරණයට යැවූ ලිපිය වටී.

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 03:37 PM

විපක්ෂ නායක කමට ඉව ඇල්ලුවේ මොකද දන්නේ නැහැ? (බ)

:       0       0

රම්‍යා Thursday, 03 September 2015 03:39 PM

මේ අසාධාරණයට එරෙහිව මුළු ලංකාවම නැගී සිටිය යුතුයි .මම ලෑස්තියි (බ)

:       0       0

ශ්‍රීමා Thursday, 03 September 2015 05:37 PM

මුලින්ම හරියට වැඩේ කළා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සොපී Thursday, 03 September 2015 11:39 AM

මට හිතෙන්නේ සාධාරණය ඉටු කරනවා කිය කිය දේශපාලන වාසි තකා මේ වටිනා තරුණ ක්‍රීඩකයව තවත් පාරක් මරන්න හදනවා වගෙයි ...... (ම)

:       0       0

ක්‍රිෂ්ණ Thursday, 03 September 2015 12:09 PM

මේ අසරණ තරුණ ක්‍රීඩකයාට සාධාරණයක් ඉටුවෙනතුරු ඔහුගේ පවුලේ උදවිය පමණක් නොව මුළු රටම විමසිල්ලෙන් සිටින බව හැම කෙනාම මතක තියාගත්තොත් හොඳයි. (නි)

:       0       0

රාධා Friday, 04 September 2015 12:04 AM

පැමිණිල්ල කරන්න ඕනෑ තර්ජනයට ලක්වූ අය නේද? (නි)

:       0       0

සඳුන් Friday, 04 September 2015 03:19 AM

සමාජයේ දෙවියන් ලෙස පෙනී ඉන්න අය. අසරණ මිනිස්සුනට සාධාරණය ඉටු කරන හැටි අපුරුය. (අ)

:       0       0

යාපා Thursday, 03 September 2015 01:48 PM

අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

ඉරේෂිකා Thursday, 03 September 2015 02:11 PM

සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

ඩෙස්මන් Thursday, 03 September 2015 02:12 PM

අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site