IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු ක්‍රීඩා ඇමැති එස්එස්සීයෙන් දැවී යයි

සිංහල ක්‍රීඩා සමාජය නොහොත් එස්.එස්.සී යනුවෙන් ප්‍රකට ක්‍රීඩා සමාජය හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දොර වසා දැමිණි. ඔහුට එස්.එස්.සීය හතර මායිම තහනම්ය. ඉස්සර ඔහුගේ අණසක ක්‍රීඩා සමාජවලට පමණක් නොව ක්‍රීඩා ලෝකෙටම අනුල්ලංඝනීය විය.

අද ඔහු අසරණය. ඔහුට එම ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය දිය යුතු යැයි විධායක සභාවට යෝජනාවක් ඉදිරිපත් විය. එස්.එස්.සී සාමාජිකයන්වන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් නිලධරයෝ තිදෙනෙක් ඔහුගේ නම යෝජනා කළහ. එහි විධායක කමිටුව ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්, නීතිඥවරුන්ගෙන් හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විතය. අලුත්ගමගේ ගේ නම යෝජනා කළ අයගෙන් අලුත්ගමගේ ගේ වාර්තා -- ක්‍රීඩා වාර්තා නොවේ -- ගැන විධායක සභාව දිගින් දිගටම ප්‍රශ්න කළේය. හිටපු ඇමැති අපරාධ කළ බවට තහවුරුවී හෝ ඔප්පුවී හෝ නැතැයි ඔහු කීවේය. ඔහු වැරදිකරුවකු වනතුරු නිවැරදිකරු නොවේදැයි යෝජනාකරු ඉපැරණි නීතිමය සිද්ධාන්තයන්ද ගෙනහැර දැක්වීය. එහෙත් විධායක සභාව එය නොපිළිගත්තේය.

සාමාජිකත්ව කමිටුවේ සභාපති ඡන්දය විමසීමේදී ඡන්දය නොදුන්නේය. හිටපු ඇමැති සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු යැයි හත් දෙනෙක් ඡන්දය දුන්හ. විධායක කමිටුව 15 දෙනකුගෙන් සමන්විතවේ. එවැනි පුද්ගලයකු ඉවත් කිරීම සඳහා එක් ඡන්දයක් වුවත් ප්‍රමාණවත් වේ. ඔහුගේ ඉල්ලුම් පත්‍රය ඉවත දැමිණි. ඉන්පසු ප්‍රශ්නයක් මතු වූයේය. යෞවන සාමාජිකයන්වන තම දරුවන් රැගෙන යාමට එහි පැමිණීමට හැකියාව ඇත්දැයි ප්‍රශ්නයක් මතුවිය. එයටද ඉඩ නොලැබිණි. ඔහුට ලැබුණු එකම සහනය වූයේ වෙනත් සාමාජිකයකුගේ අමුත්තකු වශයෙන් ඔහුට එහි පැමිණිය හැකි බවයි.

 

 



අදහස් (0)

හිටපු ක්‍රීඩා ඇමැති එස්එස්සීයෙන් දැවී යයි

ඉසුරන්දි Monday, 13 July 2015 06:34 AM

බුදුදහමට අනුව මිනිසා විසින් කරන හොඳ නරක මේ ආත්මෙදිම තමන් පසුපස ලුහුබදින බව මේ දෙයින්ම සනාත වෙනවා. (ස)

:       0       0

සෙලන්සියුස් Monday, 13 July 2015 05:51 PM

පෙරේරා, ඒ මිනිස්සුන්ට පිස්සුද ඒ ගොල්ලන්ගේ තියෙන ක්‍රීඩා සමාජය අතහැරලා පෙරේරා හදන අලුත් ක්‍රීඩා සමාජයට එන්න. (නදී)

:       0       0

සපුමල් Monday, 13 July 2015 08:25 AM

තමන් වගා කල දෙයම අස්වැන්න ලැබිලා. (ර)

:       0       0

සුසිල් Sunday, 12 July 2015 01:02 PM

ඔය විදියට හැම ආයතනයකම වුණා නම් මෙලහකට රට හැදිලා (නි)

:       0       0

ඩුන්ගු Monday, 13 July 2015 08:45 AM

සිංහල ක්‍රීඩා සමාජය මෙන් අනිකුත් සමාගම් හා ආයතන සුදුසු ආකාරයට වැඩ කරනවානම් රටටම යහපතක් වේවි. (ම)

:       0       0

ගාමිණි Monday, 13 July 2015 02:37 AM

සුසිල්, මමද ඔබගේ අදහසට එකඟ වෙමි.(ම)

:       0       0

සංජිව Monday, 13 July 2015 03:27 AM

මුතු මැණික් ලොව පහළ වන්නේ එකක් හෝ කිහිපයක් පමණක් යයි ස්වභාව ධර්මයත් අපට කියනවනේ ..(ම)

:       0       0

පෙරේරා Monday, 13 July 2015 09:48 AM

මට ඔහොම කළානම් මම අලුතෙන් ක්‍රීඩා සමාජයක් හදාගෙන කෙනෙහිලිකම් කරපු අය සේරටම හතර මායිමට එන්න දෙන්නේ නැහැ. (බ)

:       0       0

ලාල් Monday, 13 July 2015 04:27 PM

රටටත් බරක් උන අනවශ්‍ය පුද්ගලයින් ඉවත්කරන්න. පසුගිය කාලයේ හිටපු නොවටිනා ගල්කැට ඉවතදමා, මුතු මැණික් ලංකරගනිමු. (නදී)

:       0       0

යාපා Sunday, 12 July 2015 03:29 PM

සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site