IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු කතානායකට ජනපතිගෙන් අවසන් ගෞරව

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසාන ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට අද (30) පෙරවරුවේ රැගෙන එනු ලැබිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ  කතානායක මහින්ද යාපා අබේවර්ධන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, විරුද්ධ පාර්ශවයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුද, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්   රැසක් මෙහිදී හිටපු කතානායකවරයාට  අවසන් ගෞරව දැක්වූහ.

තවද  හිටපු ජනාධිපතිවරුන්වන   මහින්ද රාජපක්ෂ සහ  මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ හිටපු  කතානායක  කරු ජයසූරිය යන මහත්වරුද තානාපති නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රමුඛ ලේකම් මඩුල්ල, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය , හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම  පවුලේ ඥාතීහුද  මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ පියගැටපෙළ අසලට පැමිණීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ , කතානායක  මහින්ද යාපා අබේවර්ධන,නියෝජ්‍ය කතානායකඅජිත් රාජපක්ෂ මහතා,පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිස විසින් දේහය  බාරගනු ලැබීය.

අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට  රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි  විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කරන ලදී.

ජනාධිපතිවරයා දදේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව  ශෝක ප්‍රකාශයක්ද  සටහන් කරනු දැකගත හැකිවිය.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව  කතානායකවරයා ඇතුළු පිරිස  රතු පලස මතින් දේහය  රැගෙන විත්  අවමංගල්‍ය රථයෙහි යළිත්  තැන්පත් කළහ.



 

 



අදහස් (3)

හිටපු කතානායකට ජනපතිගෙන් අවසන් ගෞරව

දාස Thursday, 30 March 2023 04:24 PM

ජනපති ,මේ 134 නායකයා , එයා ජනතාවගෙ නායකයා නෙමෙයි ආයුබෝවන්

:       56       12

විජිත් Thursday, 30 March 2023 05:44 PM

ජනාධිපති? එහෙම කෙනෙක් මේ රටේ දැන් නැහැ. හිටපු කෙනා කරපු අසික්කිත වැඩ නිසා රට බන්කොළොත් වුණාම, රටේ මිනිසුන්ගේ නැගිටීමට බයේ රටෙන් පැනලා ගියා. මේ ඉන්නේ ඒ හිස්වුණු තැනට හොරෙන් රිංගාගත්තු අය...!!! ජනාධිපති කියන වැදගත්, ගෞරවනිය පදවිය ලැබෙන්නේ " රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් " පත්වන පුද්ගලයෙකුට විතරයි...

:       0       0

චින්තක Friday, 31 March 2023 01:18 PM

මැතිවරණය අවසන් වෙලා ජනාධිපති, අගමැති, මැති ඇමැතිලා දිවුරුම් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා නම් වත්මන් ජනාධිපති පත්වෙලා තියෙන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නම් එතුමාට දාසයෙක් කරලා තියෙන්නේ අපහාසයක් කියන්න පුළුවන්.. එයිනුත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පැහැදිලිවම අපහාසයක් වෙනවා කියලා හිතෙනවා. මෙහෙම දේවල් සඳහා දඬුවමක් දෙන්න බැරිද? සලකා බැලුවොත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site