එල් ටී ටී කාන්තා බලකායේ නායිකාවක් ලෙස කලක් සේවය කළ තමලිනි සිවකාම් ජේ කුමාර් (43) මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) මිය ගිය බව පොලිසිය පවසයි.
අක්මාවේ පැවති දරුණු පිළිකාවකින් පිඩා විදි බව වෛද්‍යවරු පවසති. ඇය කිලිනොච්චි පරත්තන් ප්‍රදේශයේ
ස්ථිර පදිංචිකාරියකි. එංගලන්තයේ සිට පැමිණි බව කියන මහාදේවන් ජේ කුමාර් නැමැති අයෙක් අද පෙරවරු 9.30 ට මළ සිරුර රැගෙන ගිය බව පොලිස් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු කොටි නායිකාවක් පිළිකාවකින් මරුට
රුචී Sunday, 18 October 2015 11:22 AM
හම්මේ ලොකු දෙයක්. (බ)
රංජිත් ප්‍රේමලාල් Sunday, 18 October 2015 11:32 AM
සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ මෙතුමියගේ අවසන් කටයුතු සිදු කළ යුතුයි. (බ)
නාමල් Sunday, 18 October 2015 12:14 PM
රුචී තමන්ගේ නැහැදියාව පෙන්නන්න එපා... ඔබ බෞද්ධයෙක්ද? (බ)
ස්ටැන්ලි Sunday, 18 October 2015 01:19 PM
රංජිත් ඔබ කියූ දෙය සිදු වුනොත් ඒක හරිය කියල අනුමත කරන්න කට්ටියකුත් ඉන්නවනේ. (බ)
පිටබැද්දර ජයා Sunday, 18 October 2015 01:41 PM
කේ . පී , කරුණා ,ගැන හිතත්දි නම් රන්ජිත් කියපු දේ ඒ තරම් ගණන් ගත යුතුත් නැහැ (අ)
අරුචි Sunday, 18 October 2015 01:48 PM
මිය ගිය අයට නිවන් සුව පතමු (අ)
සචිත් ඉන්දික Sunday, 18 October 2015 01:51 PM
හෙට ශෝක දිනයක් ද (අ)
මොහොමඩ් Monday, 19 October 2015 05:04 AM
ප්‍රනාන්දු හරි. (ත)
ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 05:07 AM
මිනිසුන් මරණයට බිය නැත, බියවන්නේ මරණය තමා වෙත ලඟාවෙන රුදුරු ආකාරයටය. තමලිනි මෙම අදහස නොදැන සිටියා විය හැකියි. (ත)
සෙනරත් Sunday, 18 October 2015 02:30 PM
නාමල් කියන පුද්ගලයට මොකද කේන්ති ගිහිල්ල වගේ ? (බ)
ලලිත් Sunday, 18 October 2015 02:53 PM
ඇත්තටම හද පතුලෙන්ම නිවන් සුව පතමු. එතකොට අයෙත් උපදින්නේ නැහැ. භුතාත්මයකවත් නැහැ. (අ)
මේනක Sunday, 18 October 2015 03:02 PM
නාමල්ට කේන්ති ගිහිල්ලා නැහැ. ඔහු මනුෂ්‍යත්වයට ගරු කරන පුද්ගලයෙක් විය හැකියි.කොච්චර නරක කෙනෙක් වුනත් මිය පරලොව ගියාට පසු මොකට වෛර කරන්නද?තම තමන් කරපු හොඳ නරක තමන් පසුපස එයි රිය සක විලසට. (බ)
චතු Sunday, 18 October 2015 03:17 PM
නාමල් , ඔයාගේ ප්‍රතිචාර අඩු ගානේ ජාතියට අදාල නමකින් පල කලානම් ගොඩක් ලස්සනයි (බ)
චතුර Sunday, 18 October 2015 04:26 PM
මැරුණ කෙනෙකුට මොකුත් කියන්න හොඳ නැහැ. නමුත් මෙයා රටේ අහිංසක දෙමළ දරුවන්ගේ ජීවිත විනාශකළ එකට වගකියන්න ඕනෑ (නි)
නිපුණ Sunday, 18 October 2015 04:35 PM
මමත් සිංහල බෞද්ධයෙක්. නමුත් මට මේ මරණය ගැන කිසිදු සතුටක් නැහැ. මට කියන්න තියෙන්නෙත් නාමල් කියන කෙනා කීදේමයි. ඇයි චතූ නමින් අදහස් පළකරන කෙනා හිතන්නේ හැම සිංහලයාම තමන් වගේ මරණයකට සතුටුවෙන අය වියයුතුයි කියලද? (නි)
සදහම් Sunday, 18 October 2015 06:53 PM
කළ කර්ම ගෙවා දැමූ ඔබ මතු භවයේදී සුගතිගාමී වේවා! (නි)
ප්‍රනාන්දු Sunday, 18 October 2015 08:38 PM
මියගිය කෙනාට වඩා දරුණු, ජාතිය පාවාදෙන කළු සුද්දෝ සිටින ශ්‍රී ලංකාවේ මැයට නිවන් සුව පතමු! (නි)