2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී බෝම්බ ගසා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනකු මරා දැමීමේ සිද්ධියේ අධිචෝදනා භාර දීම අද ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඉදිරියේ දී සිදු විය.
හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ සහ සෙල්වරාජ් කිරුබාකරන් ත්‍රස්තවාදී කොට්ඨාසය භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර තම්බයියා ප්‍රකාශ් රිමාන්ඩ් භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
තමන් නිවැරදිකරුවන්යැයි සියලු විත්තිකරුවෝ කීහ.
නඩුව නැවත කැඳවීම සැප්තැම්බර 15 වැනි දාට කල් තැබුණු අතර ලක්ෂ්මන්කුරේ සහ සෙල්වරාජ් කිරුබාකරන් තවදුරටත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ තබන ලෙස නියෝග කැරිණි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හිටපු ඒඑස්පීටත් අධි චෝදනා
චමින්ද Friday, 18 July 2014 10:15 PM
සෑම්, ඔබ ජීවත්වන රටේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නේද? (නි)
බමුණු ආරච්චි Friday, 18 July 2014 12:32 PM
"මේවා ආශ්චර්යයට යන එක ඉවසන්න බැරුව කරන අභූත චෝදනා ලෙසයි මම නම් දකින්නේ. " ආශ්චර්ය ගැන සිහින දකින කෙනෙක්ද කොහෙද? අනේ හොඳයි (නි)
චමින්ද Friday, 18 July 2014 07:49 AM
අධි චෝදනා බාර දෙන්න අවුරුදු හයක් ගියා. කාටද මේවා කියන්නේ. (නදී)
සත්‍යා Saturday, 19 July 2014 01:33 AM
ආශ්චර්යය කියන වචනය යොදනවාට ඇතමෙක් විරුද්ධ නිසා අපි ඕකට "සිහින රාජ්‍යය" කියලා කියමු නේද පිටිගල මහත්තයෝ? (නි)
පිටිගල Friday, 18 July 2014 08:32 AM
එකට තමයි චමින්ද මහත්තයෝ ආශ්චර්යය කියන්නේ! (අ)
රොකී Saturday, 19 July 2014 02:57 AM
පිටිගල මහත්තයෝ, ඔය ආශ්චර්යය කියන වචනය `ආර්ස්` කියන ඉංගිරිසි වචනයෙන් බිඳුන එකක් කියලයි මට නම් හිතෙන්නේ (නදී)
සෑම් Friday, 18 July 2014 10:06 AM
චමින්ද, ඔයා මේක ප්‍රමාදයි කියා චෝදනා කරනවා. තවත් සමහරු හිටපු අගවිනිසුරුවරියගේ චෝදනා පිටු දහස් ගණනක් පැය කීපයකින් කියවා ඉක්මන් තීන්දුවක් දුන්නා කියා චෝදනා කරනවා.මේවා ආශ්චර්යයට යන එක ඉවසන්න බැරුව කරන අභූත චෝදනා ලෙසයි මම නම් දකින්නේ. (නි)