IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු උපකුලපතිට පහරදීම ගැන මැතිසබයේ අප්‍රසාදය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට එම විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍යයන් පිරිසක් විසින් පහර දෙනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ  දැඩි කනස්සල්ල සහ අප්‍රසාදය අද (13) පළවිය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ද   විරෝධතාව පළ කරමින් අදහස් දැක්වූහ.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහර දීමේ සිද්ධිය බරපතළ කාරණයක්. අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ගමන් කරමින් සිටිනවා. ඉතිහාසයේ කවදාවත් මේ වගේ දේවල් සිද්ධවෙලා නෑ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කළ යුතුයි. ඉදිරියේදී විශ්වවිද්‍යාලවල මෙවැනි දේවල් ඇති නොවීමට වගබලා ගත යුතුයි. එකිනෙකා විශ්වාස කරන්නෙ නැති තත්වයක් ඇවිල්ලා. මීට පෙර කිසිම දවසක ආචාර්යවරයකු බලපෑමට හෝ පහර කෑමකට ලක් වුණේ නැහැ. අතුල සේනාරත්න කියන්නේ මේ රටේ ලෝකයේ පිළිගත්ත භූ විද්‍යාඥයෙක්. ඒ වගේ දේවල් වෙනකොට අපේ රටේ විද්‍යාඥයෝ අනිවාර්යෙන්ම රට හැර යනවා. ඔහු එම විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා.  මේ ගැන රටට පලල් අදහසක් ඉදිරිපත් කරන්න. මුලින් තිබුණේ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අතර ගැටුම්.ශිෂ්‍යයන් ගුරුවරුන් අතර ගැටුමක් බවට පත්වෙමින් යනවා. මේ රටේ අධ්‍යාපනය නිශ්චිත කරන්න නම් මෙවැනි ගැටුම් නවත්වන්න ඕන.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ  දරුවාට පහරදීම නිවෙසට හානි කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේදී පැවැත්වූණා.මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා  වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා  දැනුම් දුන් බව ජනාධිපතිවරයා එහිදී කිව්වා. මෙය ඉතිහාසයේ පළමු සිද්ධිය නොවේ. භීෂණ කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර මහාචාර්යවරයා මරා දැම්මා. මේ රටේ ශාස්ත්‍රීය  නිදහස විශ්වවිද්‍යාල තුළ තියෙන්න ඕන. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බියෙන් හා සැකෙන් තොරව ඒ කටයුතු කරන්න බැරිනම් ප්‍රශ්නයක්. රටේ පොදු නීතිය විශ්වවිද්‍යාලවලද  නීතිය බවට පත් වෙන්න ඕන. ශාස්ත්‍රීය නිදහස ආරක්ෂා වන පරිසරයක් ඇති කිරීම සඳහා දේශපාලන පක්ෂ  පාට භේද වලින් තොරව එකතු වී කටයුතු කරමු. විශ්වවිද්‍යාල, පාසල්වල මත්ද්‍රව්‍ය  පැතිරීම වැළැක්වීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීම සඳහා  යෝජනාවකුත්  සම්මත කරගත්තා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මේ සිද්ධිය සමගි ජන බලවේගය තරයේම හෙළා දකිනවා. සිද්ධිය  අනුමත කරන්නේ නැහැ. පහරදීමට සම්බන්ධ අයට  නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාලවල  අධ්‍යාපනය ලබන්න සාමකාමී වාතාවරණයක් තියෙන්න ඕන. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ වුණේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ක්‍රමයට දියුණු කරන්නයි. නමුත් ඒ අරමුණු ඉෂ්ට වෙලා නැහැ. සිද්ධිය තරයේ හෙළා දකිනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක පියන්ත මහතා:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගහන වෙලාවේදීත් මේ වගේ එකතු වුණා නම් මේ ප්‍රශ්න වලක්වන්න තිබුණා.  මගේ ගෙදරටත් ගැහුවා. අද මට ඉන්න ගෙයක් නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා:

මෙවැනි සිද්ධීන් අපි හැමදාම දකිනවා. නමුත් මේක  ඒකෙ උච්ච ස්ථානයක්. විද්‍යාල පවත්වාගෙන යන්නේ බදු මුදලින්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉගෙන ගන්නෙ ඒ බදු මුදලින්. අද ලෝකයේ හැම විශ්වවිද්‍යාලයකම මේ වගේ  විහිලුකාරී ප්‍රචණ්ඩත්වයක් නැහැ. මේ වාරේ මේවා කල්පනාවෙන් තේරුම් අරන් කටයුතු කළ යුතුයි. විශාල භීෂණයකට අර අඳින  තත්වයක් පේනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා:

අපි කරන්නේ මේ සිද්ධි ගැන කණගාටු වෙන එක විතරයි. මේ සිද්ධි දිගටම  සිදු  වෙනවා. මන්ත්‍රීවරුන්  74 දෙනෙකුගේ   ගෙවල් ගිනි තිබ්බා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්  අපේ පන්සලේ හාමුදුරුවන්ගේ  කනට ගහලා තියෙනවා. අද රට පත් වෙලා තියෙන තත්වය  ඕකයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී බී හේරත් මහතා :

මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.  උගතුන් බුද්ධිමතුන් බිහි කරන තැන මෙවැනි දේවල් සිදුවෙනවා නම් ඒක ලැජ්ජාවට කාරණයක්. මෙවැනි සිද්ධි   කනගාටුව පළ කරල විතරක්  නවත්වන්න බැහැ. රටේ බරපතළ අර්බුදයක් තියෙනවා. ලංකාව තුළ සිදුවන මේ සිදුවීම් තුළ සමානත්වයක් පේනවා. මේ විනාශය සමාජයෙන් ඉවත් කළ යුතුයි.

පත්කළ මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා:

මන්ත්‍රීවරුන්ට පහර දීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල දැනගන්න අපිට අයිතියක් තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ ජීවිත නැති වුණා.දේපළ නැති වුණා. ඒ වගේ මේ සිද්ධිය  ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ ප්‍රහාරයක්. ඒ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ ගැන පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්න.
සමහර දේවල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්වත් දන්නෙ නෑ. ඔබතුමා මැදිහත් වෙලා ඒක ක්‍රියාත්මක කරන්න.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා:

මේ සිද්ධිය ඇතිවුණේ අරගලයෙන් පස්සෙ.මේකට වගකියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය. ඒ මහාචාර්යවරයාට කරදර කළ ශිෂ්‍යයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:

අපි කවුරුත් මේ සිද්ධිය හෙළා දකිනවා. සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලනවා. මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න යද්දී සමහර දේශපාලන පක්ෂ විරුද්ධ වෙනවා. දෙබිඩි කතා අවශ්‍ය නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ගෙවල් විනාශ කරන උසිගන්වන අය අතර මහාචාර්යවරුන් හිටියා. සමහර මහාචාර්යවරුන්. සමහර මහාචාර්යවරුන් ගෙවල් ගිනි තියන්න ගියා. අහිංසක දරුවන්  අද විශ්ව විද්‍යාලයකට  යන්න බයයි. ගොඩක් ආයතන වලට රජයේ විශ්වවිද්‍යාලවල  දරුවන් ගන්න බයයි. පෞද්ගලික විශ්වවිද්‍යාල දරුවන් ගන්නෙ ඒකයි.  මාත් කියනවා  ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දරුවන්ට අයිස් කවලා මනස විකෘති කරලා තියෙන්නේ. සමහර මහාචාර්යවරුන් කතා කරන්නෙත් ගහපියව් මරපියව් කියලයි.

මන්ත්‍රී එස් බී දිසානායක මහතා:

මේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණත් පෙරටුගාමී පක්ෂයත් වගකිව යුතුයි.  මේ අයට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. අතීතයේත් මෙවැනි සිද්ධිය සිද්ධ වුණා.



අදහස් (4)

හිටපු උපකුලපතිට පහරදීම ගැන මැතිසබයේ අප්‍රසාදය

Senarath Tuesday, 13 December 2022 12:03 PM

අපේ රටෙ විශ්වවිද්‍යල වලට යන්න සුදුසුකම් තියෙන දරුවො මැලිකමක් දක්වන්න එක හෙතුවක් තමා මෙ වගේ නරුමයන් විශ්වවිද්‍යලවලට ඇවිල්ල තුච්ච දේශපාලනයට කත් ඇදීම සහ නවක වදය. ඒ හේතුවෙන් අපේ රටෙන් මොනතරම් විශාල මුදලක් පිටරටවලට ඇදිල යනවද. මෙවැනි වැරදිවලට උපරිම දඩුවම් දීල විනය හදන්න ඔනෙ. විනයක් නැති එඋන් ලොකු තනතුරුවලට ගියාම වෙනදේ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනෙ.

:       1       9

කිඹුල් කඳුළු Tuesday, 13 December 2022 12:21 PM

පහුගිය කාලේ බාල ගෑස් ගෙනල්ල ,ඒවා පුපුරලා අහිංසක ජිවත කිහිපයක් නැතිඋනා , තෙල් නැතිව ,ගැස් නැතිව මිනිස්සු පෝලිම වල ඉඳල 13 දෙනක් මියගියා , නමුත් මේ මැතිසබේ එකෙක් ඒ ගැන විවාදයක් තියා කනස්සල්ල වත් පල කලාද ?

:       9       11

අමිල Tuesday, 13 December 2022 12:45 PM

රස්තියාදු කාරයන්ට ඕන විදියට රටේ නීතිය අතට ගන්න ඉඩ නොදිය යුතුයි.

:       2       13

Lal Tuesday, 13 December 2022 02:26 PM

මෙයට වගකිව යුත්තේ ජවිපෙ ත්‍රස්තවාදීන්ය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site