IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා

(විජේරත්න රත්නායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ මස්සිනා පරිහරණය කළේ යැයි කියන රුපියල් කෝටි හතක් පමණ වටිනා ව්‍යාජ අංක තහඩුවක් යොදා තිබූ සුඛෝප භෝගි ජීප් රථයක් බදුල්ල ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක සඟවා තිබියදී සොයාගත් බව  බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු  පවසති.

ප්‍රාඩෝ වර්ගයේ  ජීප් රථයක් වූ එම රථයට සවිකර තිබී ඇත්තේ  යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මෝටර් රථයකට අයත් අංකය බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි

බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරක් අනුව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක් සෝදිසි කර මෙම ප්‍රාඩෝ ජීප් රථය සොයා  ගනු ලැබීය.

පොලිස් භාරයට ගත් මෙම ජිප් රථය පරිහරණය කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා කෙනකු බවට තොරතුරු හෙළිවීයැයි පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (16)

හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා

priyanka Sunday, 06 October 2024 05:23 PM

නමත් එක්ක දැම්මා නම් හොඳයි. අපි ආසයි හොරුන්ගේ නම්ගම් දැනගන්න.

:       2       187

ADSunday, 06 October 2024 08:38 PM

මොවුන් ප්‍රභූවරුන් බවට පත්වූයේ මහජන ඡන්දයෙනි, මොවුන්ට වාහන ලැබුනේ මහජන මුදලිනි. එම නිසා මේ ප්‍රභූ හොරු සහ ඔවුන්ගේ මස්සිනාගේ නම් හෙලිකිරීම නිදහස් මාධ්‍යයේ වගකීමක්... එසේ නොවීම නිසා "සොරකම් නොකරන ප්‍රභූවරුන්ද සොරුන් බවට මහජනයා විසින් සැකකරයි. හොරුන් රටේ පුරවැසියන් රවටා පාර්ලිමේන්තුවට ගොස් ප්‍රභූවරුන් බවට පත්ව ඇත. ජනතා සේවයට පැමිණෙන ප්‍රභූවරුන් සොරකම් කරන්නේද නැත...

:       0       80

ජයනාත් Sunday, 06 October 2024 05:46 PM

මේ වගේ තක්කඩි හඳුනා ගන්න ඕනෑ. නම ප්‍රසිද්ධ කරන්න... අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ නැතිවුණු වාහන 4000 එකක් වෙන්න ඕනෑ.

:       6       104

Nimal Sunday, 06 October 2024 05:52 PM

තමා බයද නැතිනම් දාන්න...?

:       4       92

වික්‍රම විදුර Sunday, 06 October 2024 06:38 PM

බුලත් පුවක්ද?

:       4       52

අසේල Sunday, 06 October 2024 07:22 PM

හොයා ගත්තා නම් නම රටට කියන්න... ඉදිරියට දෙන දඬුවම් ගැනත් අපි ආසාවෙන් බලා ඉන්නවා. බත් වේලක් කන්න නැතිව අසරණ ජනතාව දුක් විඳිද්දී ඔවුන්ගේ ලේ උරා බොන මේ වගේ අයව ගල් ගහලා මරන්න ඕනේ...

:       0       63

මල්කැකුලගේ Sunday, 06 October 2024 07:30 PM

සමහර විට මුතියංගන විහාර වන්දනාවේ යද්දී පූජාව සඳහා ගෙනියන්න අවශ්‍ය දෙයකට සම්බන්ධ කෙනෙක් වෙන්නත් පුළුවන්...!

:       1       37

සීනිගම පොල් Sunday, 06 October 2024 07:32 PM

මෙහෙම අසාධාරණ වැඩ කරන්න හොඳ නෑ. මේ අයිති කෙනා කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද? අමාරුවෙන් හම්බකරලා මේ පොඩි වාහනේ ගන්න. අනික ඒ ඥාතියා රටට පුදුමාකාර සේවයක් කරපු කෙනෙක් වෙන්න ඕනෑ.

:       4       42

සිරිතුංගMonday, 07 October 2024 06:09 AM

ඇමැතිවරයා නම් රටට කීර්තියක් ගෙනදුන් අයෙක් කියලා ඉරිදා රාත්‍රියේ රූපවාහිනී පුවත් මගින් දැනගැනීමට ලැබුණා... පවුලේ අප්පලා, පුතාලා දේශපාලන පවුලකට අයත් බව පේනවා...!

:       0       4

පිටිගල මිලානෝ Sunday, 06 October 2024 10:50 PM

නන්නත්තාරයි….! මේ ගොල්ලන්ව ආයෙත් පත්කර ගමුකෝ…! 

:       0       6

Perera Sunday, 06 October 2024 11:21 PM

අපේ දේවල් ගැන හොයන්න එපා. අපි ඔබලාගේ දේවල් හොයන්නෙත් නෑ. 2005 සිට තක්කඩි රාජපක්ෂලාගේ ක්‍රමවේදය ඕකයි.

:       0       3

Laaa Sunday, 06 October 2024 11:22 PM

මීට අවුරුදු 3කට පෙර ප්‍රාඩෝ 150 ඩීසල් වර්ගය ලක්ෂ 160ක් 200ක් වෙලා තිබිලා තවත් අවුරුදු 3ක් පරණ වුනාම ලක්ෂ 700ක් වෙන එකම ඇති අපි කොච්චර කරුමයක් ගෙවනවා ද කියලා පෙන්වීමට. වෙන රටවල මේවා අයින් කරලා පළමු අයිතියෙන්...!

:       0       2

beau Monday, 07 October 2024 01:14 AM

කියන්නකෝ කවුද මේ හොරදෙටුවා...?

:       0       4

Merandy Monday, 07 October 2024 05:19 AM

නම් ගම් නැති නම් කිසිම ඵලක් නැහැ.

:       0       3

Perera Monday, 07 October 2024 08:11 AM

මේ අසරණ මනුස්සයෙක් ප්‍රාඩෝ එකක යනකොට තමයි ඔක්කොම නීති .අර ඇල්ටෝ වල යන සල්ලිකාරයින්ට ඔය නීති මුකුත් නැහැ

:       0       5

wedage Monday, 07 October 2024 11:53 AM

මට හිතෙන්නේ රිශාද්ගේ මස්සිනා කියලා තමයි .මොකද ඔහුට සිටියා මස්සිනෙක් බලගතු

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 72 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 139 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 776 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4475 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2216 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1035 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 926 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1416 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site