
(මනෝප්‍රිය ගුණසේකර)
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුව නොවැම්බර් 17 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළේය.
අල්ලස් පනත යටතෙත් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබු නඩුව කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
නඩු කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
ආචාර්ය මර්වින් සිල්වා මහතා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ 2010 මාර්තු 31 වැනිදාත් 2012 මාර්තු 31 වැනිදාත් අතර කාලසීමාව තුළ සිය නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට අල්ලස් කොමිසම මර්වින් සිල්වා මහතාට එරෙහිව චෝදනා නඟා ඇත.
සිය නිත්‍යානුකූල ආදායමින් මිලදීගත නොහැකි ඉඩකඩම්, යාන වාහන මිලදී ගැනීම මෙන්ම බැංකු ගිණුම් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි වු කොළඹ-02 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් 7,13,99,000/-ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, කඩවත ප්‍රදේශයෙන් රුපියල් 1,39,99,000/-ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, සිය පුත්‍රයා වන මාලක සිල්වා නමට රුපියල් 3,23,75,000/-ක මුදලක් වැයකර ‘මර්සිඩීස් බෙන්ස්’ කාර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් වැයකර ‘හයි හුන්ඩායි’ මෝටර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 89 කට ආසන්න මුදලක් වැයකර ‘ඩිෆෙන්ඩර්’ මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර ආචාර්්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
සිය නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි වු මුදල් හා දේපළ වල හිමිකරුව සිටීම අල්ල පණතේ 23 (අ) 01 සහ 03 වගන්ති යටතේ දඬඩුවම් ලබිය යුතු වැරදි විත්තිකාර ආචාර්්‍ය මර්වින් සිල්වා මහතා කර ඇති බවටද අල්ලස් කෙමිසම අධිකරණයට දැනුම් දී ඇත.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
හිටපු ඇමැති මර්වින්ගේ නඩුවකට දින දෙයි
ගමේ එකාලා Wednesday, 24 September 2025 05:45 PM
කිරිබත්ගොඩ වෙළෙදුන්ගෙන් කප්පම් ගත්තා..මහින්දයා පක්ෂෙන් පැන්නුවා කියලා රාවයක් තිබුනා .පොලිසියට බලපෑම් කරලා කුඩුකාරයෝ බේරගත්තා.සමුර්දි නිලදාරියා ගස් බැදපු ,රූපවාහිනීයට පැනලා හයිරන් පාට් දාපු මහ එපාම කරපු දූෂිත දේසපාලුවෙක්..කළකම් පළදෙනවා කියන්නේ නිකම්ද ?
පිටිගල මිලානෝ Thursday, 25 September 2025 04:54 AM
අවුරුදු විස්සක්…???