IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමැති මනූෂ 20 එෆ්සීඅයිඩියට

(සුජිත් හේවාජුලිගේ)

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ලබන (20) මූල්‍ය අපරාධ විමර්ශන දිශාවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

ඔහු මෙසේ කැඳවා ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරය දරන කාලයේදී නීති විරෝධී ආකාරයෙන් දේපළ හා වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනිද්දා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බවයි.

 



අදහස් (1)

හිටපු ඇමැති මනූෂ 20 එෆ්සීඅයිඩියට

Rata Perata Monday, 18 August 2025 12:50 AM

හිරේ ඉන්න ඕන කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site