IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිටපු ඇමැති දුමින්ද රිමාන්ඩ්

(දිලංගා ගෝමස්)

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් පැහැති ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක  ලබන 29 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද (24) නියෝග කළේය.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක  කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව සැකකාර දුමින්ද දිසානායක මහතා රෝගී තත්ත්වයෙන් පසු වන හෙයින් බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදී.

රන් ආලේපිත ටි 56 ගිනි අවිය බලපත්‍රයක් නොමැති නීතියානුකූල නොවන ගිනි අවියක් බවත්, හතරවන සැකකරුවන දුමින්ද දිසානායක මහතා පළමුවැනි සැකකාරිය හට දුරකථනයෙන් කතා කොට තමන් දැනුම් දෙනතුරු මෙය පළමුවන සැකකාරිය සන්තකයේ තබාගන්නා ලෙසට පවසා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

 



අදහස් (7)

හිටපු ඇමැති දුමින්ද රිමාන්ඩ්

අරුණි Saturday, 24 May 2025 08:49 PM

අර රතු ලේබල් කන්ටේනර් 323 ඇතුලේ තිබුනේ මොනවාද කියලා සොයන්න, රේගුවත් නෑ, අපරාධ පරීකශන දෙපාර්තමේන්තුවත් නෑ... උසාවි නියෝගත් නෑ. විනිවිද භාවයක් ගැන කතාකරපු සමාජවාදී බෝඩ් එක පිටුපස ගෝනිබිල්ල්ලෝ ඉන්නවා කියලා අපි හිතුවේ නෑනේ.

:       10       2

පිටිගල මිලානෝ Sunday, 25 May 2025 02:11 AM

වැලිකඩ පුංචි පාර්ලිමේන්තුව විපක්ෂයට යන්නේ නායයනවා වගේ… ජයම වේවා…!

:       1       14

දැකුම්කළුගේ කැලුම් කුමාර් Sunday, 25 May 2025 08:34 AM

මෙතුමා රට පාලනය කරන්න බලාපොරොත්තු වන පක්ෂයක මහා ලේකම්ලු... මේ වගේ උත්තමයෝ මේ වගේ වැඩ කරයිද කියලා හිතෙන කොට පාලනය ලැබුනොත් කොහොම හිටීද රටට...? රට වැසියන්ට, දේශපාලනයට එන්නේ පාතාලේ පැත්තේ ඉඳලාද කියලා හිතාගෙන ඉන්න වෙයි ද මේ වගේ දේවල් ගැන හිතන විදියට මම හිතන්නේ....

:       0       18

සමන් Sunday, 25 May 2025 10:06 AM

88/89 කාලේ සේවය කරපු ත්‍රස්තවාදී සහෝදරවරු ළඟ කොපමණ ඔය වගේ අවි තියෙන්න ඇත්ද? ඒවාත් හොයමුද?

:       23       3

වින්සන්ට් කජ්ජා Sunday, 25 May 2025 03:21 PM

ස්ත්‍රී දූෂකයන්ව, හොර අරක්කු කාරයන්ව ඉවත් කරපු එකද, සමන් "සේවය" කියලා සඳහන් කරලා තියෙන්නේ?

:       3       19

pathmaSunday, 25 May 2025 04:12 PM

වින්සන්ට් මහතා ඒ විතරක්යැ හොර උපාධි කාරයෝ, පචෝරිස්ලා සහ පචමාලිලා, අනුන්ගේ වාහන තමන්ගේ හොර ගෑනුන්ට දීපු අය, රාජ්‍ය මුදල් වංචා කරලා දඬුවම් නියම වූ අයත් ඇමැතිවරු වෙලා ඉන්නේ...

:       14       4

වින්සන්ට් කජ්ජා Sunday, 25 May 2025 05:02 PM

පැනලා දෙන එක පුරුද්දක් නිසා දැන් ළමයි සෑහෙන ගානක් ඇති.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site