IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු ඇමැති දුමින්ද යළි රිමාන්ඩ්

(දිලංගා ගෝමස්)

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි  ශ්‍රීලනිප මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක කළ ඇප ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (29) ප්‍රතික්ෂේප කළාය.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා ලබන ජූනි මස 05 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් ඔහුගේ නිවස පරික්ෂා කිරීමට සෝදිසි වරෙන්තු නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරිය අද කටයුතු කළාය.

හතරවන සැකකරු වන දුමින්ද දිසානායක මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔහුගේ ළමා කාලය ගත කළ බවත් ඔහුගේ පියා බර්ටි ප්‍රේමලාල් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් අමාත්‍යවරයකු හා උතුරු මැද පළාත් මහ ඇමති ලෙසද කටයුතු කර ඇති පසුබිමක ඔහුගේ පියාට සහ පවුලේ උදවියට අනුරාධපුර ප්‍රදේශයේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් ,යුද හමුදා නිලධාරින් , හා එස්ටීඑෆ් නිලධාරීන් යොදා තිබූ බවත් 4 වන සැකකරු කුඩා කල සිටම හැදී වැඩුනේ අවි ආයුධ තිබුණු වටපිටාවක බැවින් අවි ආයුධ මොහුට විශේෂත්වයක් නොවන බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේය.

 



අදහස් (6)

හිටපු ඇමැති දුමින්ද යළි රිමාන්ඩ්

කව්ද බෝයි Thursday, 29 May 2025 05:45 PM

යකඩෝ, ජනාධිපති නීතීඥතුමා තුන්වන ඡේදයෙන්, කථා පොජ්ජ මරුවට විග්‍රහ කරලා තියෙනවනේ. ආයුධ තිබුණු වටපිටාවක හැදුණු-වැඩුණු පළියට මේ චෝදනාවෙන් නිදහස් කරන්න පුළුවන්නම්, හමුදාවේ සහ පොලීසියේ ඉන්න කට්ටිය, ඒවායේ ආයුධ ගබඩා භාර කට්ටිය මේ රටේ මොනවා නොකරයිද?

:       0       18

සෙනෙවිරත්න Thursday, 29 May 2025 05:50 PM

ආයුධ සෙල්ලම් බඩු වගේ නිසාද අර වයසක කෙනාට දුන්නේ... ඕක රැකගන්න? අපරාදේ ඒ මිනිස්සුත් අමාරුවේ. මේ වගේ බොළඳ කතා කියන්නේ කාව රවටන්නද?

:       0       14

අරවින්ද මොණරවිල Thursday, 29 May 2025 06:24 PM

අපුරු නීති තර්කනේ මෙයා දාන්නේ, ඔය කතාව උසාවි පිළිගතහොත් උතුරු නැගෙනහිර ජනතාවට ඕනම අවි ආයුධයක් ලග තියාගෙන නීතියෙන් බේරෙන්න පුළුවන්. අපි වසර තිහක් ජීවත් උනේ බරපතල යුදමය වාතාවරණයක් තුළ ඒ කාලයේ මෝටර් බෝම්බ කාලතුවක්කු වගේම රොකට් වෙඩිත් අපි හිටිය ප්‍රදේශ වල නිතර පත්තු වුණා, ඒවා නැතුව දැන් අපිට නිකම් පාලුයි වගේ ඒ නිසා අපි දැන් තුවක්කුවක් පතරම් එකතු කරනවා කියලා...

:       0       6

Pankumburage Thursday, 29 May 2025 06:42 PM

ඒ නීතිඥතුමා නම් මරු.

:       0       7

සාරසී Friday, 30 May 2025 10:22 AM

එච්චර ගානක් නැත්නම් මොකටද කාටවත් දුන්නේ. ඒකෙන් මොනවද කලේ.

:       0       1

සොරිසේන Friday, 30 May 2025 03:17 PM

දැන් දුමින්දට පුළුවන් එයාගේ පරණ භාර්‍යාව වෙච්චි දැන් මහින්දානන්දගේ බිරිඳ ගැන රස කතා බෙදා හදා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site