IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමැති එස්.එම්. 18 තෙක් රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කළැයි කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියම කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකාර හිටපු අමාත්‍යවරයා එලෙස රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (20)

හිටපු ඇමැති එස්.එම්. 18 තෙක් රිමාන්ඩ්

මාලිමා ගැත්තා Friday, 04 July 2025 05:21 PM

ඒවා ඒ මනුස්සයා බෙදලා නේද? අනේ මන්දා කෙහෙලිය ඇරෙන්න අනිත් ඒවා නම් උගන්ඩාවෙ හංගපු සල්ලි වගේ...

:       69       196

නිහාල් Saturday, 05 July 2025 07:12 AM

කෙහෙළියත් ලුණු ඉන්ජෙක්ෂන් තනියම ගහගත්තේ නෑ. ගැහුවේ රටේ මිනිස්සුන්ට. හොඳටම පේනවා රොටී කටක් කියලා...

:       0       3

TikkaSaturday, 05 July 2025 11:53 AM

කොහොමද මේ අය හරියටම කියන්නේ දේශපාලන හිතවතුන්ටමයි බෙදුවේ කියලා? මේ මනුස්සයා නම් හොරෙක් නෙමේ... කෝ අර මහබැංකු වංචාවට ගේනවා කිව්ව මහබැංකු හොරා...? කෝ උගන්ඩාවෙන් ගේනවා කිව්ව ඩොලර් බිලියන 18...? ඔය ගෙන්නපු ඇටේ හිටවලා මේ රටේ මිනිස්සු තමයි කෑවේ. ඔය ඇට හිටවන්නේ නැතුව කෙලින්ම බඩ ඉරිඟු ගෙන්නුවා නම් කෝටි 800ක් විතර වියදම් වෙනවා. මේවා නම් නිකන් දේශපාලන පළිගැනීම්...

:       2       4

පොඩිඑකා Friday, 04 July 2025 05:32 PM

අඩුගානෙ ඇට ටික තම්බගෙන තනියම කෑවනං මෙහෙම කළාට කමක්නෑ... නේද යෝගා...?

:       97       46

නිහාල් Saturday, 05 July 2025 07:06 AM

බෙදලා තියෙන්නේ මට නම් තවත් කමක් නෑ...

:       0       1

prasanna ඩෝබි Friday, 04 July 2025 05:41 PM

අනුරපුරේ බන්ධනාගාරෙට අරිනවාද? හිටපු බන්ධනාගාර අධිකාරිට හරි, කොමසාරිස්ට හරි කියලා ජනපති සමාවක්වත් ලියවා ගන්න...

:       78       13

Neel Friday, 04 July 2025 05:43 PM

බය වෙන්න දෙයක් නැහැ, මල්ලීත් ලග පාත ඉන්න කොට. අනික තව කට්ටියක් මග එනවනේ...

:       59       39

පිටිගල මිලානෝ Friday, 04 July 2025 05:46 PM

නුවර වැවේ වැව්තාවුල්ලේ බිල්ඩිං ගැහුවේ මමයි පුතේ….

:       6       45

Asela Friday, 04 July 2025 08:00 PM

මේවා විපක්ෂයේ අයව හීලෑ කිරීමට දේශපාලනිකව පෙළඹවූ උත්සාහයන්. විගණකාධිපති හෝ අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් ඇත්තටම විමර්ශනය කිරීමට අවශ්‍ය නම්, විවිධ දෙපාර්තමේන්තු වල ADB/ලෝක බැංකු අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීම/අක්‍රමිකතා විමර්ශනය කිරීමයි. කිසිදු වගකීමක් නොමැත, නමුත් ව්‍යාජ කරුණු සහිත නිෂ්ඵල වාර්තා. සම්බන්ධීකරණ නිලධාරියා පත් කරනු ලබන්නේ පරිත්‍යාගශීලියා සහ පරිත්‍යාගශීලියාගේ මණ්ඩලයක් විසින් බැවින්, ඔවුන් එතරම් ගැටළු ඇති නොකරයි. ඇත්ත වශයෙන්ම, එම ව්‍යාපෘති සුදු අලියෙකි. ලබන්නා කෙසේ හෝ ගෙවිය යුතු බව ඔවුන් දන්නා බැවින් ADB හෝ වෙනත් පරිත්‍යාගශීලීන් එතරම් තැකීමක් නොකරයි. ප්‍රේමදාසගේ සිට අනුර දක්වා, ADB අරමුදල් සහිත ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම වැරදි කළමනාකරණයේ අතේ ඇත, උදාහරණයක් ලෙස උසස් අධ්‍යාපන නවීකරණය, මාර්ගගත ඉගෙනීම, AL සුදුසුකම් ලත් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතිය, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා MIS පද්ධතිය යනාදිය. රජයේ සේවකයා හොඳින් දන්නා නමුත් ඔවුන් ඒ ගැන කතා කිරීමට කැමති නැත. වැඩිපුර වැඩ, වැඩිපුර ගැටළු, අඩු වැඩ, අඩු ගැටළුව. ඔවුන් හොඳින් දනී.

:       19       144

පොඩිඑකාFriday, 04 July 2025 09:05 PM

අසේල ලොන්ඩරියෝ, නොදන්න දෙයක් කතා නොකර හිටු. උසාවිය ඒක බලාගනීවි...

:       88       28

Mangala Friday, 04 July 2025 08:22 PM

මේ එකක් විතරයි... කිරි හරක් බෙදපුවා..., කැලේ කපපුවා එහෙම තමයි එළියට ඇවිත් නෑ වගේ...

:       82       29

Dial Friday, 04 July 2025 08:51 PM

මේ ක්‍රමෙට ගියොත් ආණ්ඩු කරපු එකෙක්වත් එළියේ ඉතුරු වෙන්නේ නැහැ, මේ හිරු අල්ලනවා නේවි පිට්ටනිය හදනවා තනියම match එක ගහන්න... හිරු අල්ලනවා නම් cabinet එකේ දෙන්නෙක් තුන්දෙනෙක් හිරේ ඉන්න ඕන මේ වෙද්දි... පචෝරිස් ඇතුළුව

:       28       116

Bishan Friday, 04 July 2025 08:58 PM

හූරේ... විපක්ෂය වැලිකඩ බලය අල්ලයි.

:       51       27

මයින්ඩ් සැප් Saturday, 05 July 2025 12:09 AM

කෙහෙලියට කීල්ස් එකෙන් බඩු මල්ලක් දුන්නා. මෙයට ලාෆ් එකෙන් බඩු මල්ලක් දීලා. ඉහි.. ඉහි.. අනේ අපිට විතරයි ඔහොම බඩු මලු ගන්න විදියක් නැත්තේ, හරිම නරකයි !!!

:       1       1

Pradeep Kumara Saturday, 05 July 2025 08:03 AM

සමහර කමෙන්ට්ස් දිහා බැලුවාම පේන්නේ බහුතරයක් ජනතාව මේ වංචා දූෂණ අනුමත කරන බවයි. වංචනිකයින්, දූෂිතයින් පාලකයින් ලෙස පිලිගැනීමට කැමැති බවයි...

:       2       0

අරවින්ද මොණරවිල Saturday, 05 July 2025 09:11 AM

පොහොට්ටුවේ කසළ සෝධක කල්ලිය හිතාගෙන ඉන්නේ නීතිය කියන්නේ එයාලාටයි එයාලගේ සෑර්ලාට හිතෙන ඒවා කියලා.. මහජන මුදල් සහ ඒවා යොදවා ගන්න භාණ්ඩ හා සේවා එහෙම එක එකාට ඕන ඕන විදිහට තමන්ගේ දේශපාලන හා පුද්ගලික අරමුණු වෙනුවෙන් යොදවන්න හො බෙදන්න බැහැ. අඩුම ගානේ ඒ සදහා කැබිනට් අනුමැතිය අවශ්‍යයි. මොකද මුදල් පිළිබඳව සම්පූර්ණ අයිතිය හා බලය තියෙන්නේ පාර්ලිමේන්තුවයි. එහෙම නැතුව ඇමති වුණු පලියට තමන්ට ඕන ඕන ආකාරයට මහජන මුදල් අවභාවිත කරන්න, නාස්ති කරන්න වගේම තමන්ගේ එහෙයින්ට ගැත්තන්ට බෙදන්න අයිතියක් නැහැ. ඒවාත් මතක තියාගෙන සෑර්ලාගේ වැසිකිළි කැසිකිළි සුද්ධ පවිත්‍ර කරන වැඩේ පරිස්සමට කෙරුවොත් හොඳයි....!

:       1       1

prasanna Saturday, 05 July 2025 10:51 AM

පාකිස්තානු - ඉන්දියා ක්‍රිකට් මැච් එක වගේ ජනතාවට සදාකල් බලාගෙන ඉන්න වෙනවා. තව අවුරුදු ගාණක් මෙම හිරේ දැමීමේ තරගාවලිය...

:       2       2

ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට Saturday, 05 July 2025 11:57 AM

විපක්ශේ හැම එකාම හිරේ දාලා ඉවර වුණු දවසටත් අනුරයාට රට හදන්න බැරිවුණාම මිනිස්සුන්ට තේරෙයි අනුර ඇතුළු පච බලකාය ඔවුන්වත් රවට්ටලා ඔවුන්ගේ ජීවිතේ අවුරුදු 5ක් නිකන් කාලකන්නි කළා කියලා. ඊට පස්සේ ඡන්දෙන් වෙන එකෙක් ගේන්නද හිතාගෙන ඉන්නේ? ගොන්හැත්ත 2/3ක් දීලා තියෙන්නේ... සම්පූර්ණ ඡන්ද අයිතිය අහෝසි කරලා මේ රට සමාජවාදී රටක් කරන්න ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. ඊට පස්සේ මැරෙනකන් රිලව් ගණන් කරකර හිටපල්ලා...

:       3       3

නිහාල් Sunday, 06 July 2025 10:11 AM

හරි වේදනයි මට..

:       1       0

P.D Goonawardrne Saturday, 05 July 2025 01:13 PM

දහ අට මාසෙකට අරින්න..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site