
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරයකු අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසකගේ විදේශ ගමන් වෙනුවෙන් 2020 වර්ෂයේදී වැය කළ රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් තේ මණ්ඩලය වැවිලි අමාත්‍යාංශයෙන් අයකර ගැනීමට 2021 වර්ෂය වනවිටත් කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර ගෝලීය තේ සංග්‍රහය වෙනුවෙන් තේ මණ්ඩලය විදේශ තානාපති කාර්යාලවලට 2017 වර්ෂයේදී දුන් රුපියල් පන් කෝටියකට වැඩි මුදලින් රටවල් 15ක ඉතිරිවූ රුපියල් දහ අට ලක්ෂයක පමණ මුදල 2020 වර්ෂය වනවිටත් අය කරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
විදේශ සංචාරවල යෙදුණු එම පිරිසට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව සහ වැවිලි අමාත්‍යාංශය යන ආයතනයන්හි නිලධාරීහුද ඇතුළත් වූහ.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව සහ වැවිලි අමාත්‍යාංශය යන ආයතනයන්හි නිලධාරීන්ගේ විදේශ ගමන් වියදම් වෙනුවෙන් දැරූ රුපියල් හය ලක්ෂයකට වැඩි මුදල මූල්‍ය ප්‍රකාශනයෙහි දක්වා ඇතත් විගණන දිනය වනවිටත් එම මුදල් අයකර ගැනීමට කටයුතු කරනු තිබූ බවද වාර්තාවේ දැක්වේ.
මේ අතර තේ මණ්ඩලය හිටපු අධ්‍යක්ෂවරයකු තේ ප්‍රචාරණ වෘත්තීය උපදේශකවරයකු ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව 2020 වර්ෂයේ සිට බඳවාගෙන දීමනා වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ තොරතුරු සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු ඇමතිවරයකු - නිලධාරීන් තේ මණ්ඩලේ පිහිටෙන් රට ගිහිල්ලා
Perera Thursday, 15 December 2022 01:31 PM
උඩ ඉඳන් පහළට ඔක්කොමලා රිසි සේ රටේ සල්ලි කාබාසිනියා කරලා...