ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ අමතර කොටස් ගෙන්වීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය ගැන හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ලංගම හිටපු සභාපතිවරුන් වන එම්.ඩී.බන්දුසේන හා ශෂී දිලුම් වෙල්ගමගේ ප්‍රකාශ ලබාගත් බව මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්සීඅයිඩී) අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.කේ.ආරියරත්නගෙන් මීට පෙර ලබාගත් ප්‍රකාශයක් අනුව 2011-12-9 සිට 11 දක්වා කාලයේ හිටපු ඇමැති හා ලංගම සභාපතිවරුන් ඉන්දියාවේ කළ සංචාරයක ගුවන් ටිකට්පත් සඳහා මුදල් ගෙවූ බව කියන බස් රථ අමතර කොටස් ගෙන්වූ ඉන්දීය ‘නිම්බස්‘ සමාගමේ අධ්‍යක්ෂවරයකු වන විජය කපූර් එම ගෙවීම් කළ ක්‍රෙඩිට් කාඩ් පතේ ගිණුම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා එෆ්සීඅයිඩියට නියෝග කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හිටපු ඇමැතිටත් පිං සවාරියක් දීලාලු
රහීම් Thursday, 23 June 2016 04:50 PM
පිං සවාරියක් නම් ඉතින් ආණ්ඩුවට ලාබ ඇතිනේ... (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 24 June 2016 07:48 AM
පිං සවාරි කිවුවට අන්තිමට බලන් යනකොට, මේ ගමන් ගියේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් වෙන්නත් පුළුවන් ....(ම)
සිරි Thursday, 23 June 2016 07:49 PM
යහපාලන ආණ්ඩුවෙන් තවත් පැරණි රසාංගයක්ද? (නි)