ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකට ලක් වුණු බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිටපු අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ජන හමුවකට සහභාගී වී, රැස්ව සිටි පිරිස අමතමින් කතා කරමින් සිටින අවස්ථාවේදීය. වෙඩි තැබීම කළේ පිරිස අතර සිටි අයර්ලන්ත ජාතිකයකු බවත් ආරක්ෂක නිලධාරීන් වහා ඔහු අත්අඩංගුවට ගැණුනු බවත් වාර්තා වේ.
වෙඩි ප්‍රහාරය අග්‍රාමාතවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් වෛද්‍ය ආධාරකරුවන් ඔහුට ප්‍රථමාධාර ලබා දෙන්න වූ බවත් ජපානයේ එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කරයි.
ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.
(ඒ.එෆ්.පී.)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හිටපු අගමැති ෂෙන්සෝ අබේට වෙඩි තියලා
Prasheen Friday, 08 July 2022 10:00 AM
ජපානයේ ඉන්න විදේශිකයන්ට ගොඩාක් හොඳින් සලකපු අගමැති... විශේෂයෙන්ම කොරෝනා කාලේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
Perera Friday, 08 July 2022 10:36 AM
අයර්ලන්ත ජාතිකයාට අබේවයි, නන්දේවයි පැටලිලානේ..!