හැටන් රුවන්පුර මහවැලිගම රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයක පමණ ප‍්‍රමාණයක් විනාශ විය.
ගින්න මැඩපැවැත්වීම සඳහා රුවන්පුර ගම්වාසීන් දැඩි උත්සාහයක් දරා ඇතත් ප‍්‍රදේශයේ පවතින දැඩි සුළං තත්වය හමුවේ ගින්න සීඝ‍්‍රයෙන් පැතිරී ගොස් ඇත. රුවන්පුර මහවැලි ගම්මානයට ජලය සපයන ජල මූලාශ‍්‍ර ගණනාවක් මෙන්ම වල් ඌරන්, හාවුන්, වැලිමුවන් ඇතුළු සිව්පාවුන් ගණනාවක් ජීවත්වන මෙම රක්ෂිතය ඇති ඉලුක් හේතුවෙන් ගින්න සීඝ‍්‍රයෙන් පැතිරයන බව ප‍්‍රදේශවාහු කියති.
රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇතැයි හැටන් පොලීසිය සැක කරයි. මධ්‍යම කඳුරයේ පවතින වියළි කාලගුණයත් සමඟම රක්ෂිතවලට කඩාකප්පල්කාරී පිරිස් විසින් ගිනිතැබීම් බහුල වශයෙන් සිදුකරන අතර ගිනි තබන පුද්ගලයන් වෙතොත් පොලීසිය වෙත තොරතුරු ලබාදෙන ලෙස හැටන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැටන් රක්ෂිතයක් ගිනි ගනී
දුමින්ද Tuesday, 27 January 2015 04:18 AM
මිනිසුනේ, මේ ගිනිගන්නේ අපේ දරුවන්ගෙන් ණයට ඉල්ලාගත් මිහිතලයයි (නි)