IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හෝට්න් පෙදෙසේ නම වෙනස් වේ?

කොළඹ හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව කර ඇති යෝජනාව සම්බන්ධයෙන් එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි පැවැසෙයි.

හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට විරෝධතාවයක් ඇතොත් ඉදිරිපත් කරන ලෙස පවසමින් කොළඹ මහ නගර සභාව විසින් එහි පදිංචිකරුවන් වෙත දැනුම්දීමක් කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ ඔමාර් කමිල් මහතා ප්‍රකාශ කළේය.

හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි එම දැනුම් දීමේ සඳහන් වන බව කමිල් මහතා පෙන්වා දුන්නේය.

නමුත් කොළඹ මහ නගර සභාව වසරක කාලයක සිට ක්‍රියාත්මක තත්වයේ නොපවතින මොහොතක මෙවැනි යෝජනාවක් සම්මත කළේ කෙසේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවනු ඇතැයි කමිල් මහතා ප්‍රකාශ කළේය.

කොළඹ මහ නගර සභාව ක්‍රියාත්මකව පැවැති අවස්ථාවේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් නොවූ බව එහි හිටපු සාමාජිකාවක වන ෂර්මිලා ගෝනවල මහත්මිය පැවැසුවාය.

මෙලෙස නාමය වෙනස් කිරීම නවත්වන ලෙස දුරකතන ඇමැතුම් බොහොමයක් එම පෙදෙසේ වාසය කරන කාන්තාවන්ගෙන් තමාට ලැබුණු බවද ඇය ප්‍රකාශ කළාය.එලෙස නාමය වෙනස් කිරීමක් සිදුවුවහොත් තමන් සතු ඇතැම් ලියකියවිලිද වෙනස් කිරීමට සිදුවන බව එම කාන්තාවන් ප්‍රකාශ කළ බව ගෝනවල මහත්මිය පෙන්වා දුන්නාය.

 



අදහස් (6)

හෝට්න් පෙදෙසේ නම වෙනස් වේ?

Rohana Friday, 19 January 2024 07:30 AM

දැන් නගර සභාවට ඇති ලොකුම ප්‍රශ්ණය පාරවල්වල තියෙන නම්ද ? අනිත් ප්‍රශ්ණ ඔක්කොම විසදිලාද? නගර සභාවේ නාගරික ප්‍රශ්ණ විසදන්නෙ නැතිව නිකම් බොරු ප්‍රශ්ණ විසදන්න යනවා.

:       2       13

පුරවැසියා Friday, 19 January 2024 09:47 AM

දෙමළ චන්ද ටිකට කෙළ හලන මහ බැංකු හොරා ආයෙත් ජාතිවාදය ක් අවුස්සන්නද මංදා හදන්නේ

:       5       20

අරවින්ද මොනරවිල Friday, 19 January 2024 10:47 AM

රනිල් නොදැන කරන දෙයක් වෙන්න ඕනා මේක, රනිල් දැන් ගත්ත ගමන් ඕක නවත්වමි. තමන්ගේ හාම්පුතුන්ගේ නම් මකන්න දෙයිද මිනිහා.

:       2       8

Anura Pathirana Friday, 19 January 2024 11:37 AM

පොන්නම්බලම් අරුනාචලම් නම ගැන නොදන්නා අය විරුද්ධ වේවි

:       6       7

Bamunuarachchi Friday, 19 January 2024 12:15 PM

කාගේවත් නම් අවශ්‍ය නෑ. සුද්දා පාරවල්වලට කාගෙවත් නම් දැම්මේ නැහැ ලංකාවේ දැම්මේත් නැහැ ඔවුන්ගෙන් රටවල දැම්මේත් නැහැ. කැනඩාවෙත් නැහැ ඇමරිකාවෙත් නැහැ. රටට ප්‍රදේශයට සත පහක වැඩක් කර නැති ජනක මල්ලමආරච්චි නමින් පාරක් තිබෙනවා.

:       2       9

පිටරැටියා Friday, 19 January 2024 05:19 PM

දියුණු ශිෂ්ඨ සම්පන්න කිසිම රටක එක එක්කෙනානේ නම් වලින් පාරවල් නැහැ. ඒකටත් එක්ක ලංකාවේ නළු නිළියන්ගේ, දේශපාලුවන්ගේ, නම් වලින් පාරවල්...? ලන්කාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මේක වෙන්ඩැති...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site