IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා


(රංජිත් රාජපක්ෂ)
 
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ) මහතාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අද(24) ලැබූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසීය.
 
කොවිඩ් 19 වයිරසය ආසාදනය වී දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ (17) දින පැවති ප්‍රභූවරුන් සහභාගී වු රැස්වීමකට සහභාගි වී සිටියදි, නාගරික මන්ත්‍රී ශෂි රත්නායක මහතා පෙර අසාදිතයාගේ ළගම ආශ්‍රිතයෙකු වීම නිසා හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නාගරික මන්ත්‍රිවරයා සහ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කරන ලදී. නාගරික මන්ත්‍රිවරයාගේ පී.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
 
කොවිඩ් 19 වයිරසය ආසාදනය වු නාගරික මන්ත්‍රිවරයා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.
 



අදහස් (0)

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site